ජපන් සත්තු වත්තේ සිටි 'හනකෝ' නම් අලියා මියයයි

Image caption හනකෝ යන ජපන් නමේ තේරුම වන්නේ මල් බබා යන්නයි

ජපානයේ සත්වෝද්‍යානයක සිටි 'හනකෝ' ('මල් බබා') නම් අලි පැටවා මියගිය බව වාර්තා වේ.

මිය යන විට වයස අවුරුදු 69 ක් වූ 'හනකෝ' ජපානයට තෑග්ගක් ලෙස තායිලන්තයෙන් ලැබී තිබුණේ වයස අවුරුදු දෙකේ දීය.

මෙම අලිපැටවාට තම මුළු ජීවිත කාලයම හුදකලාවෙන් ගත කිරීමට සිදුවිය.

පසුගිය වසරේ අන්තර්ජාල පිටුවක් මගින් පෙන්වා දීමෙන් පසු පෙත්සමක් අත්සන් කරනු ලැබුවේ 'හනකෝ' ගේ ජීවන තත්වය යහපත් අතට පත් කරන ලෙස බලධාරීන් ට බල කරමින්.

එම අන්තර්ජාල ලිපියේ මෙම අලිපැටවා ජීවත්වන ගොඩනැගිල්ල හඳුන්වා තිබුණේ "කොන්ක්‍රීට් සිර කඳවුරක්" ලෙසටයි.

එම පෙත්සමට මිලියන භාගයකට වැඩි පිරිසක් අත්සන් තබා තිබුණි.

බීබීසී යෙන්