සමාජ මාධ්‍ය ජාලයේ සමූහ දුෂණ වීඩියෝවක් බ්‍රසීලය කළඹයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙය සිදුවී ඇත්තේ රියෝ ද ජනේරෝ නගරයේ දුප්පත් ජනතාව වෙසෙන ප්‍රදෙශ්‍යකයි
රියෝ ද ජනේරෝ නගරයේ දී නව යොවුන් තරුණියක් ලිංගික දුෂණයකට ලක් කළ බවට සැක කෙරෙන තිස් දෙනෙකුට වැඩි සැකකරුවන් පිරිසක් සොයා බ්‍රසීල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මුළු බ්‍රසීලයම කම්පනයට පත් කරමින් සැක කරුවන් විසින් ඔවුන් එම තරුණිය දුෂණය කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ට්විටර් මාධ්‍ය ජාලයට එක් කොට තිබුණි.
අතවරයට පත් වී ඇති තරුණිය සෙනසුරාදා තම පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර අවිගත් පිරිසක් විසින් ඇය නිරුවතින් සිටියදීම අවදිකරවා ඇයට තුවාලද සිදුකොට නිවසින් පිටත් කොට ඇති බවයි වාර්තා වන්නේ.
ඇගේ පෙම්වතා ඇතුළු තවත් හතර දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය විසින් නියෝග නිකුත්කරනු ලැබ තිබේ.
රියෝ ද ජනේරෝ නුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ මෙම සිදුවීමෙන් පසු බ්‍රසීලයේ කාන්තා දුෂණ සංස්කෘතියට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ විරෝධතා ක්‍රියාත්මක වී ඇති බවයි.
තරුණිය පොලීසියට කළ ප්‍රකාශයට අනුව දුෂණයෙන් දින කිහිපයකට පසු දුෂකයන් විසින් සිදුවීමේ වීඩියෝවක් ට්විටර් මාධ්‍ය ජාලයේ පළ කොට ඇත.
තත්පර 40 ක වීඩියෝව බොහෝ පිරිස් විසින් බෙදා හැර ඇත්තේ විවාහය පිළිකුල් කරන ආකාරයේ අදහස් දැක්වීම් රැල්ලක් ද සමගයි. පසුව එම ට්විටර් ගිණුම් අවහිර කළ බවයි සඳහන් වන්නේ.
ඉදිරි දින වලදී මෙම සිදුවීමට එරෙහිව විරෝධතා සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිලිබඳ කණ්ඩායමක් විසින් මේ පිළිබඳව වහා පරීක්ෂණ පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන්.