යුක්රේනයේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 17 දෙනෙකු මරුට

Rescuers inspect the debris of a residential house after a fire broke out, in the village of Litochky

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

සහන සේවකයන් විසින් ඉතිරි වූ සුන්බුන් පරීක්ෂාවට ලක් කරන අයුරු

යුක්රේනයේ කියෙව් අගනගරයට නුදුරින් ඇති ගම්මානයක තිබෙන වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනෙකු මරණයට පත්වී ඇත.

වැඩිහිටියන් 35 දෙනෙකු පමණ ජීවත්වන දෙමහල් වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන ඇත්තේ ඉරිදා උදෑසන බවයි වාර්තා වන්නේ.

හදිසි ආපදා සේවා කණ්ඩායම් පැමිණ 18 දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් පස් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

බලධාරීන් විසින් මෙම ගින්න පිලිබඳ පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම අනතුර ඉතාමත් සංවේගදායී සිදුවීමක් බව පැවසූ යුක්රේන අගමැති ව්ලදිමීර් ග්රෝයිස්මාන් විපතට පත්වූවන්ගේ ඥාතීන්ට තම අවංක කණගාටුව පළ කරන බවයි කියා සිටියේ.