අප්‍රිකානුවන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග - ඉන්දියාව

India students from various colleges stage a candle light vigil in support of the Tanzanian nationals who were recently assaulted by a local mob, in Bangalore, on February 4, 2016.
ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය පෙබරවාරි මාසයේදී පහර කෑමට ලක් වූ ටැන්සානියානු ජාතිකයන්ට සහාය පළ කොට සාමකාමී විරෝධතාවක යෙදෙන ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතනවල සිසු සිසුවියන් පිරිසක්

දිල්ලි අගනුවර වෙසෙන අප්‍රිකානු ජාතිකයන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය ආණ්ඩුව ප්‍රතිඥා දී තිබේ.

මෑත කාලය තුළ සිදු වූ ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය රජනාත් සිං කියා සිටියේ.

අප්‍රිකානුවන්ට පහර දීමේ සිදුවීම් හයක්වත් මේ දක්වා වාර්තා වී තිබේ.

ත්‍රිරෝද රථයක් කුලියට ගැනීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුර දිග යෑමෙන් කොන්ගෝ ජාතිකයකුට පහර දී මරා දැමීමේ සිද්ධියක්ද ඒ අතර වේ.

එම සිදුවීම ඉන්දීය රජය සහ අප්‍රිකානු රටවල තානාපති සබඳතා කෙරෙහි අයහපත් බලපෑම් ඇති කිරීමටද මුල් විය.

මරුමුවට පත් පුද්ගලයාගේ මෘත ශරීරය කොන්ගෝ ජනරජය වෙත ගෙන ගොස් දීමට මේ වන විට ඉන්දීය බලධාරීන් ඉදිරිපත් වී තිබේ.