'නැති බැරි කමයි උඩු හුළඟේ දැනෙන්නේ'
'නැති බැරි කමයි උඩු හුළඟේ දැනෙන්නේ'
ශ්‍රී ලංකාවේ මෙන්ම අසල්වැසි ඉන්දියාවේත් පොල් කැඩීම පිරිමින්ට වෙන් වූ රැකියාවක්.
එහෙත් ඉන්දියාවේ ගම්බද පිරිමි වෙනත් රැකියා සොයා නගර වෙත සංක්‍රමණය වීමත් සමඟ පොල් කඩන්නෙකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක්.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන තිස් හත් හැවිරිදි වැන්දඹු මවක් වන භාරතී එම රික්තය තම ජීවිකාව බවට පෙරලා ගත් මවක්.
සැමියා මිය යාමත් සමග අග හිඟකම්වලට මුහුණ දීමට සිදු වූ ඇය සිය දියණිය හදා වඩා ගන්නේ පොල් කඩා උපයන සුළු මුදලින්.
පොල් ගස් නැගීමේ රැකියාවෙන් පිරිමින් ඈත් වීමත් සමඟ තම සේවය ඉල්ලා පැමිණෙන සංඛ්‍යාව දැන් දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි භාරතී පවසන්නේ.
විශේෂයෙන් සකසන ලද උපාංග කට්ටලයක් යොදා නගිමින් සිය ජීවන අරගලය ජය ගැනීමට පොල් ගස් නගින භාරතී ගේ කතාවයි මේ වීඩියෝ පටයේ දැක්වෙන්නේ.