'පැහැරගත් බස් මගීන් ගෙන් 10 ක්වත් මරා දමලා'

Kunduz
ඡායාරූප ශීර්ෂ වැකිය,

කුන්දුස් හි බොහෝ ප්‍රදේශවල තාලිබාන් සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ

ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් පළාතේ සංචාරය කරමින් සිටි පුද්ගලයන් 35 දෙනෙකු තාලිබාන් සන්නද්ධකරුවන් විසින් පැහැරගෙන යනු ලැබ ඇති අතර ඉන් 10 දෙනෙකුවත් මරා දමා ඇති බව උතුරු ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.

පොලිස් නිලධාරියෙකු ඇතුළු එම පුද්ගලයන් දොළොස් දෙනා මරා දමනු ලැබ ඇති බවටයි සැක කෙරෙන්නේ.

පළාත් ආණ්ඩුකාරවරයා බීබීසීයට පැවසුවේ බස් රථ හතරක් බලහත්කාරයෙන් නවත්වා 200 පමණ වූ මගීන් ප්‍රශ්ණ කිරීමට සහ පරීක්ෂාවට ලක්කර ඇති නමුත් බොහෝ දෙනෙක් නිදහස් කොට යවා ඇති බවයි.

මෙම පිරිස කාබුල් නුවර සිට බදක්ශාන් වෙත යමින් සිටියදීයි මෙසේ පැහැරගැනීමට ලක්වී ඇත්තේ.

පසුගිය මාස කිහිපය පුරාම ගැටුම් සහ කලහකාරීක්‍රියා සිදුවෙමින් පැවති කුන්දුස් හි බොහෝ ප්‍රදේශවල තාලිබාන් සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.