ලොව දිගම දුම්රිය උමඟ විවෘත වේ

the northern gates of the Gotthard Base Tunnel near Erstfeld

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගය පොළොව මතුපිට සිට කිලෝමීටර 2.3 දක්වා වූ සීමාවේ පිහිටා ඇත

ඇල්ප්ස් කඳු වැටිය යටින් දිවෙන ලොව දිගින් වැඩිම එමෙන්ම ගැඹුරින්ම පිහිටි දුම්රිය උමං මාර්ගය අද බදාදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.

'ගොට්හාර්ඩ්' දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ගත වූ කාලය වසර විස්සකට ආසනයි.

ඉංජිනේරු විද්‍යාවේ ඓශ්චර්යයක් ලෙස හැඳින්වෙන දිගින් සැතපුම් තිස් පහක් වන ද්විත්ව උමං මාර්ගය උතුරු සහ දකුණු යුරෝපය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බවට ස්විට්සර්ලන්තය බලාපොරොත්තු පළ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

උමඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 260ක් සහ මගී දුම්රිය 65 ක් දිනපතා ගමන් කරනු ඇත

වාර්ෂිකව දස ලක්ෂ සංඛ්‍යාත ලොරි රථ හරහා ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ ගොට්හාර්ඩ් උමං මාර්ගය ඔස්සේ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇත.

ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන දොළහකට අධිකයි.