'මිට්සුබිෂි මැටීරියල්ස්' සමාගම සමාව ඉල්ලයි

දෙවන මහා ලෝක යුද සමයේ ආකාර වල බලහත්කාරයෙන් වහල් සේවයේ යොදවන ලද චීන ජාතික කම්කරුවන්ට වන්දි ලබා දීමට ජපානයේ 'මිට්සුබිෂි මැටීරියල්ස්' සමාගම එකඟ වෙයි.
'මිට්සුබිෂි මැටීරියල්ස්' සමාගම විසින් යුද සමයේ වහල් භාවයේ යොදවන ලද කම්කරුවන් වන්දි ඉල්ලා දිගු කාලයක් මුළුල්ලේ ගෙන ගිය අරගලයේ ප්‍රතිපලයක් ලෙස සමාගම ඔවුන්ගෙන් සමාව අයැද සිටි අතර වන්දි මුදල් ලබා දීමට කැමැත්ත පළ කොට තිබේ.
පැමිණ තිබෙන එකඟතාවට අනුව වහල්භාවයේ යොදවනු ලැබූ තුන්දහස් හත්සීයක කම්කරුවන්ට ඩොලර් පහළොස් දහස බැගින් ලබා දීමටයි සමාගම එකඟ වී තිබෙන්නේ.
අද සවස් භාගයේදී නිල වශයෙන් පාර්ශව දෙක අතර ඇති කර ගත් එකඟතාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.
ජපානයේ පැවති කම්කරු හිඟය පියවීම සඳහා එක්දහස් නමසිය හතළිහ දශකයේ මුල් භාගයේ දී හතළිස් දහසකට අධික චීන ජාතිකයන් ජපානය වෙත ගෙන එන ලදී.