ප්‍රංශයේ සහ ජර්මනියේ ගංවතුරින් 5 ක් මරුට

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ගංවතුර හේතුවෙන් ප්‍රංශයේ හා ජර්මනියේ ප්‍රදේශ කිහිපයකට දැඩි හානි සිදුවී තිබේ.

ප්‍රංශය සහ ජර්මනිය පුරා නගර සහ ගම්මාන වල ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් අවමවශයෙන් 5 දෙනෙකුවත් මියගොස් ඇත.

බදාදා දකුණු ජර්මනියේ දී පුද්ගලයන් හතරදෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
,බැවෙරියා සහ ට්‍රිෆ්ටර්න් ප්‍රදේශ වල වැසියන් බේරා ගනු ලැබුණේ හෙලිකොප්ටර යානා සහ බෝට්ටු යොදා ගනිමින්

සිම්බැච් ඇම් ඉන් නගරයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමේ දී පුද්ගලයන් තිදෙනෙකුට ජීවිත අහිමි වූයේ තට්ටු නිවාස ගොඩනැගිල්ලක බිම් මහලට කොටුවීමෙන්.

මේ අතර අසල වූ දොළ පාරක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ.

නගර ගණනාවක ගංවතුරට කොටුවී සිටි වැසියන් හෙලිකොප්ටර ආධාරයෙන් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright EPA
Image caption දකුණු බැවෙරියා වේ සිම්බැච් නගරය දැඩි ලෙස ගංවතුරට යටවී තිබේ

ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර දේශසීමාවට නුදුරු පාසල් කිහිපයක්ම වසා දමා තිබේ.

මේ අතර ප්‍රංශයේ සේන් නදියේ ජල මට්ටම තව දුරටත් ඉහළ යාමෙන් තවත් නගර හා ගම් යටවීමේ අවදානමක් ඇතිවී තිබේ.

Image copyright AFP
Image caption පැරීසියේ දකුණින් පිහිටි ප්‍රදේශය ද ගංවතුරින් පිරී ගොස් තිබේ

ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් අඩක් ජලයෙන් පිරී ඇති දකුණු පැරීසියේ නගර නිරීක්ෂණය කිරීම සඳහා ගිය අතර නුදුරු ගමකින් වයස්ගත කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

Image copyright EPA
Image caption ජර්මනියේ සිම්බැච් නගරයේ වැසියන් බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බැවෙරියා රතුකුරුස සාමාජිකයන් පිරිසක්

අඟහරුවාදා රාත්‍රිය වනතුරු ට්‍රිෆ්ටින් හි පාසලකට කොටුවී සිටි පාසැල් ළමුන් 250 ක් බදාදා සවස්කාලය වනවිට ගොඩනැගිල්ලෙන් ඉවත්කර ගැනීමට හැකිවී තිබේ.

තවත් සිසුන් 350 ක් සිම්බැච් නගරයේ පාසලකින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර