'ආර්මෙනියානුවන් මරා දැමීම ජන සංහාරයක්'-ජර්මනිය

Worl War 1

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

වර්ෂ 1915-16 කාල වකවානුව තුළ ආර්මෙනියානුවන් සමූලඝාතනය වීම පිළිබඳව දශක ගණනාවක් මතභේද පැවතුණි

පළමු ලෝක යුද්ධයේ දී තුර්කියේ ඔටෝමන් හමුදා විසින් ආර්මෙනියානුවන් මරා දැමීම ජන සංහාරයක් බවට ප්‍රකාශ කෙරෙන යෝජනාවක් ජර්මානු පාර්ලිමේන්තුව විසින් සම්මත කොට තිබේ.

තුර්කිය විසින් මේ සම්බන්ධව අනතුරු අඟවා තිබුණේ මෙම යෝජනාව රටවල් දෙක අතර මිත්‍රත්වය පලුදු වීමට හේතුවක් වනු ඇති බව සඳහන් කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

බදාදා තුර්කි හිතවාදී විරෝධතාකරුවන් බර්ලින් නුවර දී විරෝධතා පැවැත්වූවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට එරෙහිවයි

වසර සියයකට පෙර ලක්ෂ පහකට අධික ආර්මෙනියානුවන් සංඛ්‍යාවක් තුර්කි ජාතිකයන් විසින් ක්‍රමානුකූලව මරා දැමුණු බවයි ආර්මේනියාව පවසන්නේ.

මියගියේ යැයි පැවසෙන සංඛ්‍යාව පිළිබඳව විශ්වාසයක් නැති බව පවසන තුර්කිය පවසන්නේ සැලසුම් ගත ජන සංහාරයක් සිදුවී නැති බවයි.

මෙම පාර්ලිමේන්තු ඡන්ද විමසීම සිදුවූයේ ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් අනවසර සංක්‍රමණික ගැටලුව පිළිබඳව තුර්කිය සහ යුරෝපා සංගමය අතර සාකච්චා පැවැත්වීමට නියමිතව ඇති දුෂ්කර කාල සීමාවක දීය.