නේපාල ග්ලැසියර විලක ජලය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ඡායාරූප මූලාශ්‍රය, outburst
ලෝකයේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති බවට වාර්තා ගත 'ඉම්ජා' විල (Lake Imja)
නේපාලයේ එවරස්ට් කලාපයේ අයිස් ග්ලැසියර සහිත විශාල විලක ජලය ඉවත් කිරීමේ මෙහෙයුමක් එරට බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
විලේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විල් ඉවුර විනාශ කර ගෙන පහත් බිම් වලට ජලය ගලා ඒමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයන් විසින් සිදු කළ අනතුරු ඇඟවීමක් මෙම හදිසි මෙහෙයුමට හේතු වී තිබේ.
ලෝකයේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටා ඇති බවට වාර්තා ගත 'ඉම්ජා' විලේ(Lake Imja) ජල මට්ටම උසින් මීටර 5010 ක් පමණ වන අතර එය යම් තරමකින් පහතට ගෙන ඒමට මේ වන විට නේපාලයේ හමුදා කණ්ඩායම් රාශියක් අනුයුක්ත කර ඇති බවයි පැවසෙන්නේ.
විද්‍යාඥයන් අනතුරු අඟවන ආකාරයෙන් විලේ ඉවුරු බිඳ දමමින් විල් ජලය ගලා යාම සිදු වුවහොත් පහත බිම් වල ජීවත් වන 'ශර්පා ජාතික' ජන කොටස් වලට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදු වන අතර යටිතල පහසුකම් සහ ගොඩනැගිලි සියල්ලක්ම ජලයෙන් යටවනු ඇති බවටයි ඇස්තමේන්තු කොට තිබෙන්නේ.
කාලගුණික විපර්යාසයෙන් සිදු වන හානි අවම කර ගැනීමට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන් සහ නේපාලය අතර ඇති කර ගත් එකඟතාවයේ එක් පියවරක් ලෙසයි විලේ ජල මට්ටම පහත දැමීම සඳහා මෙම පියවර ගෙන තිබෙන්නේ.
එළඹෙන මාස කිහිපය ඇතුළත විලේ ජල මට්ටම මීටර තුනකින් පමණ පහත දැමීමට බලාපොරොත්තු වන බවයි බීබීසි සේවය සමග සාකච්ඡාවකට එකතු වූ ජේෂ්ඨ නේපාල හමුධා නිලධාරියෙකු කියා සිටියේ.