ජපානයේ හොක්කයිදෝ කැලයක දී අතුරුදහන්වුනු යමතෝ හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
අතුරුදහන්ව සිටි යමතෝ තනූකා නම් පිරිමි දරුවා මෙම සිදුවීමට පෙර ගත් ඡායාරූපයක්
ජපානයේ හොක්කයිදෝහිදී දෙමව්පියන් විසින් දඬුවමක් ලෙස කැලයේ දමා යාමෙන් පසු අතුරුදහන් වූ යමතෝ තනූකා නම් පිරිමි ළමයා නිරුපද්‍රිතව සොයාගෙන තිබේ.
වයස අවුරුදු 7 ක් වන ඔහු සිටි තැනින් කිලෝමීටර කිහිපයක් නුදුරින් වූ උතුරු හොක්කයිදෝ හි හමුදා බැරැක්කයක සිටියදීය හමුවී ඇත්තේ
ඔහුගේ දෙමව්පියන් මුලින් පැවසුවේ ඔහු අතුරුදහන් වූ බව පමණක් වුවද පසුව පිළිගෙන ඇත්තේ ඔහුට දඬුවමක් ලෙස මද වෙලාවකට කැලයේ දමා ආ බවයි.
ළමයාගේ පියා තම දරුවාගෙන් සහ සහන සේවකයන් ගෙන් සමාව ගෙන ඇත්තේ තමන් වුවමනාවට වඩා ක්‍රියාකර ඇති බව පවසමින්.
තකයුකි තනූකා හොක්කයිදෝ රෝහල ඉදිරිපිටදී හැඟීම්බර ප්‍රකාශයක් කරමින් කියාසිටියේ තමන්ගේ අනවශ්‍ය ක්‍රියාව නිසා තම දරුවාට වේදනාකාරී කාලයක් ගතකිරීමට සිදුවූ බවයි.
තම දරුවාගේ පාසැලේ අයටත් දරුවා සෙවීමේ නිරතවුනු විශාල පිරිසටත් දැඩි ලෙස ස්තුති කළ ඔහු මින් ඉදිරියට දරුවාට අවශ්‍ය ආදරය සහ රැකවරණය ලබාදෙන බවයි පැවසුවේ.
The seven-year-old boy was abandoned in dense forest by his parents
එක් සොල්දාදුවෙක් උදෑසන හමුදා අභ්‍යාස වලට සහභාගී වීම පිණිස එක් ගොඩනැගිල්ලක දොර හැර බලද්දී ළමයා එහි සිටිනු දුටු බවයි පැවසෙන්නේ.
එවිට සොල්දාදුවා "ඔයා යමතෝ ද" යනුවෙන් විමසූ විට 'ඔව්' යයි පැවසූ ඔහු තමාට බඩගිනි බව පවසා තිබේ. ඉන්පසු හමුදා සොල්දාදුවන් ඔහුට බීමට ජලය දී බත් කෝප්පයක් දුන් බවයි වාර්තා වන්නේ.
ඡායාරූප මූලාශ්‍රය, AP
හමුදා බැරක්කය පිහිටියේ එතරම් දුරකින් නොවුවද ඝණ වනයකින් වට වී තිබේ
මෙම ගොඩනැගිල්ල හමුවන තෙක් යමතෝ වනය මැදින් ඇවිදගෙන ගිය බවයි පවසා ඇත්තේ.
වෛද්‍ය කණ්ඩායමක් විසින් හෙලිකොප්ටරයක ආධාරයෙන් යමාතෝව රෝහලට රැගෙන ගිය අතර දින හයක් ජලය පමණක් බීමෙන් තරමක් දුර්වල තත්වයෙන් සිටියද යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි වාර්තා වන්නේ.
ඡායාරූප මූලාශ්‍රය, AP
අවසානයේ යමාතෝ ඇතුල්වී සිටි හමුදා බැරක්කයකැ ගොඩනැගිල්ල
ඡායාරූප මූලාශ්‍රය, AP
ළමයා නිදාගෙන සිටි හමුදාවට අයත් මෙට්ට මාධ්‍යවෙත පෙන්වන හමුදා සාමාජිකයෙක්
ඡායාරූප මූලාශ්‍රය, Reuters
බොහෝ පිරිස් සෙනසුරාදා සිට මෙම ඝණ වනය පීරමින් ඔහු සොයා මෙහෙයුම් දියත් කළහ
ඡායාරූප මූලාශ්‍රය, EPA
දිවිබෙරාගනීමේ නිලධාරීන් 180 ක් වාහන වලින්, පයින් සහ අසුන් පිට යමින් යමාතෝ සොයා ගිය බවයි පැවසෙන්නේ
ඡායාරූප මූලාශ්‍රය, AP
යමාතෝ හොක්කයිදෝ රෝහලේ හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට නීති මගින් කටයුතු කෙරෙනු ඇති බවයි පොලීසිය පවසන්නේ.
ළමයින්ගේ ආරක්ෂාව සහ අනුමත කළ හැකි මට්ටමේ විනයක් පවත්වා ගැනීම පිලිබඳ සමාජ කතිකාවතක් මේ සිදුවීම පදනම් කොට ගෙන ජපානය පුරා ඇතිවී තිබේ.

වලස් කැළේ 'දඬුවමින්' දරුවා අතුරුදහන්
දඬුවමක් ලබා දීමේ අදහසින් සිය දරුවා වනයේ තනි කොට පැමිණි බව ජපානයේ වලසුන් බහුල කඳුකර ප්‍රදේශයක අතුරුදහන් වී සිටින සත් වියැති දරුවකුගේ දෙමව්පියෝ පවසති.