ෂේන් නදිය උතුරයි, යුරෝපයත් ගංවතුර අනතුරේ

A man walks on a flooded road near his houseboat moored near the Eiffel towel during flooding on the banks of the Seine River in Paris, France
ඡායාරූප ශීර්ෂ වැකිය,

අයිෆල් කුළුණ පාමුල පිටාර ගලන ෂේන් නදිය

පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රංශයේ ෂේන් නදියේ ජල මට්ටම මීටර් හයකින් ඉහළ යාම හේතුවෙන් පැරිස් නගරයේ ගංවතුර මට්ටම ඉතා කෙටි වෙලාවක් තුළ ඉහළ නැග තිබේ.

ලෝක ප්‍රසිද්ධ ලූවර් සහ ඔර්සෙයි කෞතුකාගාර වසා දැමීමට පැරිස් බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර කෞතුකාගාර කාර්යමණ්ඩලය මිල කළ නොහැකි කලා නිර්මාණ ආරක්ෂා සහිත ස්ථාන වලට ගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

දකුණු ජර්මනියේ පුද්ගලයන් දස දෙනෙකු සහ ප්‍රංශයේ එක් පුද්ගලයකු ඇතුළුව යුරෝපයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව එකොළහ දක්වා ඉහළ ගොස් තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජීවිත ආරක්ෂාව පතා

ප්‍රංශයේ සිට යුක්‍රේනය දක්වා මධ්‍යම යුරෝපයට එළඹෙන සති අන්තයේ ධාරානිපාත වැසි කඩා හැලෙනු ඇති බවටයි කාලගුණික අනාවැකි පළ වී තිබෙන්නේ.

ඒ අනුව මෙම කලාපයට මිලිමීටර 50ක වර්ශාපතනයක් පැය කිහිපයක් පුරාවට කඩා හැලෙනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ.

දකුණු ජර්මනියේ නගර කිහිපයක් දැඩි ගංවතුරෙන් සම්පුර්ණයෙන්ම වාගේ යට වී ඇති අතර බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ පොලන්තයද අයහපත් කාලගුණයෙන් දැඩි පීඩාවට පත්ව සිටියි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගංවතුරට යටවන නිරත දිග පැරීසියේ 'ෂම්බෝර්හ්' මාලිගය

ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඕලොන්ද් කියා සිටියේ මෙම දරුණු ගංවතුර තත්වය කාලගුණික විපර්යාසයේ ඉතාමත් තීව්‍ර ප්‍රතිපලයක් වන අතර මෙය ගෝලීය වශයෙන් ඉදිරිපත් වී ඇති අභියෝගයක් බවයි.

ප්‍රංශයේ ඉතා දැඩි ලෙස ගංවතුරින් පීඩා විඳින ප්‍රදේශ වල හදිසි ආපදා තත්වයක් නිවේදනය කිරීමට සැරසෙන ප්‍රංශ ජනාධිපති බලාපොරොත්තු වන්නේ එමගින් ඒ ඒ ප්‍රදේශ වලට සහන සැපයීමට හදිසි ආපදා කළමනාකරණ අරමුදල් භාවිතා කිරීමට නිල අවසරය නිකුත් කිරීමටයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දකුණු ජර්මනියේ බැවේරියා නගරය