ෂේන් නදියේ ජල මට්ටම පහළට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෂේන් නදියේ ජල මට්ටම 'පහළට'

වසර තිහකට පසු වාර්තා ගත ලෙස ඉහළ ගිය ෂේන් නදියේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව ප්‍රංශ බලධාරීහු පවසති.

සතියකට පසු පළමු වරට ෂේන් නදියේ ජල මට්ටම පහළ යමින් තිබෙන නමුත් ගංගාවේ ජල මට්ටම සාමාන්‍ය තත්වයට පත් වීමට දින දහයක්වත් ගත වනු ඇති බවට බලධාරීහු අනතුරු හඟවති.

ලූවර් සහ ඔර්සෙයි කෞතුකාගාර වසා දමා ඇති අතර කෞතුකාගාර තුළ වූ කලා නිර්මාණ ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ප්‍රංශයේ, ජර්මනියේ සහ බෙල්ජියමයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට විය.

වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් මධ්‍යම යුරෝපයට අයත් රටවල පුද්ගලයන් පහළොස් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.

සබැඳි විෂයයන්