ඉන්දියාවෙත් 'වකුගඩු ජාවාරමක්'

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු දෙදෙනකුගේ සහායකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු දෙදෙනකුගේ සහායකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ

දිල්ලි අගනුවර ප්‍රමුඛ පෙළ පෞද්ගලික රෝහල් අතුරින් එකක සිදු කෙරෙමින් පවතින වකුගඩු ජාවාරමක් පිළිබඳ කරුණු අනාවරණය කර ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

ඇමරිකානු ඩොලර් හයදහසක පමණ මුදලකට සිය වකුගඩුවක් විකුණා ගැනීම සඳහා පුද්ගලයන් පස් දෙනකුවත් ඇපොලෝ රෝහල වෙත පැමිණ ඇති බවයි පොලිසිය කියා සිටියේ.

වකුගඩු මුදලට ලබා දීම ඉන්දියාවේ නීතියෙන් තහනම් අතර වෛද්‍යවරුන් නොමඟ යැවීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකසා සිය ඥාතීන් වෙත වකුගඩු පරිත්‍යාග කරන මුවාවෙන් ඇතැම් පුද්ගලයන් ශල්‍යකර්ම සඳහා ඉදිරිපත් වන බවයි පැවසෙන්නේ.

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු දෙදෙනකුගේ සහායකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු පොලිසියට ලබා දෙන බවයි ඇපොලෝ රෝහල පවසන්නේ.