මොහොමඩ් අලි ගේ අවමඟුලට ලොවටම ඇරැයුම්

Image copyright AP
Image caption මොහොමඩ් අලි ට අවසන් ගෞරව දැක්වීම සඳහා ලුයිස්විල් හි මොහොමඩ් අලි මධ්‍යස්ථානය වෙත සෙනසුරාදා දහස් ගණන් පිරිස් පැමිණියහ.

මොහොමඩ් අලි ට අවසන් ගෞරව දැක්වීම සඳහා ලෝකයේ නන් දෙසින් පැමිණෙන ඕනෑම අයෙකුට අවස්තාව ලබා දීම සඳහා සිකුරාදා විශාල අවමඟුල් පෙරහැරකින් පසු අවසාන කටයුතු සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ඔහු ගේ පවුලේ අය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.

අවසාන කටයුතු අලි ජීවත් වූ කෙන්ටකි හි ලුයිස්විල් හි දී පැවැත්වෙන අතර හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් විශේෂ ගුණ කථනයක් කිරීමට නියමිතව තිබේ.

සුප්‍රසිද්ධ විකට නළුවෙකු වන බිලී ක්‍රිස්ටල් සහ ක්‍රීඩා පිලිබඳ මාධ්‍යවේදියෙකු වන බ්‍රයන්ට් ගම්බෙල් ද ගුණ කථනයන් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright AP
Image caption මොහොමඩ් අලි ලමාකාලයේ විසූ නිවස කෞතුකාගාරයක් ලෙස පසුගිය සතියේ විවෘත කෙරිණි

අයහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි ලෝක පූජිත බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි මියයනවිට වයස 74 ක් ව සිටියේය.

පවුලේ අය පමණක් සහභාගීවන විශේෂ අවමඟුල් මෙහෙයක් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර