සියලුම ස්විස් වැසියන්ට වැඩ නොකළත් වැටුප් දෙන්නැයි යෝජනාවක්

Basic Income
Image caption මෙම යෝජනාවට සහය පල කරන්නන් පවසන්නේ මිනිස් ශ්‍රමයට වඩා රොබෝ යන්ත්‍ර භාවිතය හේතුවෙන් 21 වැනි සියවසේ රැකියා අවස්ථා සීග්‍රයෙන් පහළ යමින් පවතින බවයි.

ස්විස්ටර්ලන්තයේ සෑම පුරවැසියෙකුටම අනිවාර්ය මූලික ආදයක්මක් ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුද නැත්ද යන්න පිළිබඳව රජය මගින් ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එරට ජීවත්වන වැඩිහිටි පුරවැසියෙකුට රැකියාවක් කළත් නොකළත් කොන්දේසි විරහිත මාසික ආදායමක් ලබාදීමයි මෙම වැඩසටහන මගින් යෝජනා වී ඇත්තේ.

මෙම යෝජනාවට සහය පළ කරන්නන් පවසන්නේ මිනිස් ශ්‍රමයට වඩා රොබෝ යන්ත්‍ර භාවිතය හේතුවෙන් 21 වැනි සියවසේ රැකියා අවස්ථා සීග්‍රයෙන් පහළ යමින් පවතින බවයි.

එහෙත් ඡන්දය පිලිබඳ සමීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ ස්විස් ඡන්දදායකයන්ගෙන් 78% ක් මෙම යෝජනාවට අකමැත්ත පළ කරන බවයි.

තවමත් එසේ ගෙවනු ලබන මුදල පිලිබඳ තීරණයක් ගෙන නොතිබුණද මෙම යෝජනාව පිටුපස සිටින්නන් පවසන්නේ වැඩිහිටියන් සඳහාමාසික ආදායම ස්විස් ෆ්‍රෑන්ක් 2,500 (ශ්‍රී ලංකා රුපියල් එක් ලක්ෂ අසු දහසකට වැඩි මුදලක්) සහ සෑම ළමයෙකුටම ස්විස් ෆ්‍රෑන්ක් 625 (ශ්‍රී ලංකා රුපියල් අනූ හතරදාස් පන්සියයක්) බැගින් ලබා දියයුතු බවයි.

මේ මගින් ස්විස්ටර්ලන්තයේ අධික ඉහළ ජීවන වියදම පිළිබිඹු කෙරෙන අතර දැනටමත් ඉහළ වැටුප් ලබන්නන් වෙත මෙවැනි දීමනාවක් ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය පැහැදිලි කර නැත.

Image copyright Reuters
Image caption මෙම මූලික වැටුපක් ඉල්ලන පිරිස් විසින් මෑතක සිට පෝස්ටර් ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ.

ස්විස්ටර්ලන්ත දේශපාලනඥයන් ගෙන් මෙම ඉල්ලීමට ලැබී ඇත්තේ ඉතා දුර්වල ප්‍රතිචාරයක් වන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් මෙම යෝජනාවට පක්ෂව අදහස් දක්වා නැත.

එසේවුවද, පුද්ගලයන් ලක්ෂයකයට අධික පිරිසක් දැනටමත් මෙම යෝජනාවට අත්සන් තබා ඇති හෙයින් ඒ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වන බවයි වාර්තා වන්නේ.

වැඩකිරීම සහ මුදල් ඉපයීම අතර පවතින සම්බන්ධය මේ මගින් බිඳී යන බව පවසන ඇතැම් විචාරකයන් පවසන්නේ එය සමාජය වෙත අයහපත් බලපෑමක් එල්ලකරනු ඇති බවයි.

නමුත් මේ යෝජනාවට පක්ෂව අදහස් දක්වන කණ්ඩායමේ (Basic Income Switzerland)ක්‍රියාධරයෙකු වන චේ වැග්නර් පවසන්නේ එය වැඩ නොකර පඩි ලැබීමක් නොවන බවයි.

"ස්විස්ටර් ලන්තයේ රැකියා කටයුතු වලින් 50% ක් කිසිදු ගෙවීමක් නොකරන 'නිවසේ දී කෙරෙන සාත්තු සේවාව'. විවිධ ජනකොටස් අතර මේක සිදුවෙනවා. එවැනි වැඩ කිරීම් වලට මේ 'මූලික ආදායමෙන්' වටිනාකමක් ලබා දෙනව" යනුවෙනුයි ඔහු පැවසුවේ.

Image copyright iStock
Image caption සංඛ්‍යාත්මකව එකම කාර්යය වැඩි වාර ගණනක් කෙරෙන වැඩ සඳහා රොබෝ යන්ත්‍ර යොදා ගැනීම වාසි දායක බවයි ඔවුන් පවසන්නේ.

නමුත් දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලුසී ස්ටාම් මෙම අදහසට විරුද්ධත්වය පළ කළ අයෙක්.

මුලධර්මයක් විදියට ස්විස්ටර්ලන්තය දුපතක් නම් මේක හරියන්න පුළුවන්. එත් විවෘත දේශ සීමා සහිත රටක් විදියට මේක කිසිසේත්ම ප්‍රයෝගික නැහැ. විශේෂයෙන්ම ඉතා ඉහළ ජීවන තත්වයක් තියන රටකට. සෑම පුද්ගලයෙකුටම මේ තරම් මුදලක් දෙනව කිව්වහම බිලියන ගණනක් මිනිස්සු ස්විස්ටර්ලන්තයට එන්න උත්සාහ ගනියි" යනුවෙනුයි ලුසී ස්ටාම් ප්‍රකාශ කළේ.

කෙසේවුවද මෙම යෝජනාවේ භාවිත වචන මාලාව ව්‍යාකුල තත්වයෙන් පවතින බවයි පැවසෙන්නේ.

මෙවැනි මූලික ගෙවීමක් කිරීම සඳහා වයවස්තා සංශෝධනයක් කළ යුතු බවට යෝජනා කර තිබුණත් එය කොතරම් මුදලක් විය යුතුද යන්න පිළිබඳව සඳහන් වී නැත.

ස්විස්ටර්ලන්තයේ පමණක් නොව මෙම අදහස දැනටමත් අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කිරීමට සුදානම් වන පින්ලන්තය අඩු අදායම් ලාභීන් අට දහසක් වෙත එවැනි දීමනාවක් ලබා දීමටයි බලාපොරොත්තු වන්නේ.

ඒ අතර නෙදර්ලන්තයේ අට්‍රේච් නගරයත් 2017 ජනවාරි මාසයේ සිට මෙවැනි වැඩසටහනක් ඇරඹීමට සුදානම් වෙයි.

ඉරිදා පැවැත්වෙන ජනමත විචාරණයේ දී ජනතා අභිමතය සලකා බැලෙන කරුණු පහක් අතරින් එකක් ලෙස මෙම 'මූලික ආදායම' පිලිබඳ කරණය ද ඇතුළත් කොට තිබේ.

ඒ අතරම මහජන සේවාවන් සඳහා මුදල් යෙදවීම සහ සරණාගත අයදුම් පත් සලකාබැලීම පිළිබඳවත් මෙම ජනමත විචාරණයේ දී ජනතා කැමැත්ත විමසා බලන බවයි වාර්තා වන්නේ.

බීබීසී යෙන්