තුර්කියේ බස් අනතුරකින් 14 ක් මරුට

Osmaniye
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඔස්මනියේ නගරයේ දර්ශනයක්

දකුණු තුර්කියේ සිදුවූ බස් අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් දාහතර දෙනෙකුවත් මියගිය බව තුර්කියෙන් ලැබෙන වාර්තාවල සඳහන් වේ.

පාසැල් ළමුන් පිරිසක් චාරිකාවක රැගෙන යමින් සිටි බස්රථයක් ඔස්මානියේ නගරයේ ඇලකට වැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගිය අයගෙන් සය දෙනෙකු ළමුන් වන අතර සෙසු අට දෙනා වැඩිහිටියන් බවයි තුර්කි මාධ්‍ය පවසන්නේ.

තවත් විසි දෙනෙකු රෝහල්ගත කර තිබෙන රූපවහිනී දර්ශන මගින් දැක ගත හැකි වුයේ දොඹකරයක ආධාරයෙන් බස් රථය ජලයෙන් ගොඩට ගන්නා ආකාරයයි.