ඕස්ට්‍රේලියාවට බිහිසුණු කුණාටුවක්
One of the homes on Sydney's Collaroy Beach lost its swimming pool to the storms
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ වලට බලපෑ දරුණු කුනාටු තත්වයෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් වී තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇත.
ගංගා පිටාර ගැලීමෙන් සහ ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විශාල දේපළ හානියක් සිදු වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා, වික්ටෝරියා සහ දකුණුදිග නිව් සවුත් වේල්ස් යන ප්‍රදේශ තවමත් දැඩි කුණාටු තත්වයෙන් පීඩා විඳින බවයි වාර්තා වෙන්නේ.
සිඩ්නි නුවර කොරලෝයි වෙරළ ආසන්නයේ පිහිටා ඇති සුඛෝපභෝගී නිවෙස් හැර ආරක්‍ෂිත ස්ථාන වලට යන මෙන් බලධාරීන් නිවැසියන්ට දන්වා ඇති අතර සැඩ කුණාටුවට හසු වීමෙන් එම නිවාස කඩා වැටීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පවසන්නේ.
ටැස්මේනියා ප්‍රදේශයේ ගංගා හතක් පිටාර ගැලීමට ඉඩ ඇති බැවින් දරුණු ගංවතුර තත්වයක් ඇති වන බවටයි අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙන්නේ.
එම ප්‍රදේශයේ ජනතාවට සිය නිවෙස් හැර ආරක්‍ෂිත ස්ථාන වලට යන මෙන් උපදෙස් ලබා දී ඇති අතර මහලු යුවලක් ගංවතුරට හසුව මිය ගොස් ඇති බවටයි සැක පළ වී තිබෙන්නේ.
Torrential rain and high winds have caused havoc along Australia's east coast
කුණාටුවට හසු වී අතුරුදහන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.
කොටර් ගංගාව (Cotter River) හරහා වැටුණු මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයකු ක්ෂණිකව ඉහළ නැගී ගංවතුර රළ පහරට හසුව ජීවිතක්ෂයට පත් වී ඇති අතර තිස්හත් හැවිරිදි ඔහුගේ මළ සිරුර අද උදෑසන සොයා ගැනීමට හැකිවූ බවයි බලධාරීන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිඩ්නි නුවර කොලරෝයි වෙරළට බලපෑ කුණාටුව හේතුවෙන් මුහුදු රළ මීටර අටක් දක්වා ඉහළ නැගුණි.

ඡායාරූප මූලාශ්‍රය, UNSW Water Research Lab


ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images