මාලදිවයින් හිටපු උපජනාධිපති වසර දහයක් සිරගෙට

Image caption හිටපු උප ජනාධිපති අහ්මඩ් අඩීබ්

මාල දිවයිනේ හිටපු උප ජනාධිපති අහ්මඩ් අඩීබ් වසර දහයක සිර දඬුවමකට යටත් කෙරිණි.

හිටපු උප ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබුණේ ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීම සම්බන්ධයෙනි.

ගිනි අවි ළඟ තබා ගැනීම ,වත්මන් ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ද ඇතුළුව පසුගිය වසරේ දියත් කෙරුණ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සංවිධානය කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල විය.

ඔහුට එරෙහි තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දු ඉදිරි කාලයෙහි ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත් මාල දිවයින් වාර්තා මගින් පැවසෙයි.

මාල දිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොම්මඩ් නෂීඩ් පසුගිය මාසයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එංගලන්තයට පැමිණි අතර ඔහුට එහි දේශපාලන රැකවරණ සපයන ලද බව පසුව නිවේදනය කෙරුණි.

Image copyright AFP
Image caption හිටපු ජනාධිපති මොහොම්මඩ් නෂීඩ් අත්අඩංගුවට ගත් ආකාරය

හිටපු ජනාධිපති මොහොම්මඩ් නෂීඩ් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරු කරනු ලැබ වසර දහතුනක සිර දඬුවමක් ගෙවමිනුයි සිටියේ.

මාල දිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් කනස්සල්ල පල වෙමිනුයි පවතින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර