ඉස්තාම්බුල්හි බස් රථයක බෝම්බයක් පුපුරයි

Turkey blast
ඡායාරූප ශීර්ෂ වැකිය,

බස් රථය තුල වූ බෝම්බය දුරස්ථ පාලකයක ආධාරයෙන් පුපුරුවා හැර ඇති බවටයි සැලකෙන්නේ.

තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ පොලිස් නිලධාරීන් රැගෙන යන බස් රථයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් එකළොස් දෙනෙකු මියගොස් තවත් තිස් හය දෙනෙකුට තුවාල සිදුවූ බව නගරාධිපතිවරයා පවසයි.

ඉස්තාම්බුල් නගරය උදෑසන ජනාකීර්ණව පැවති කාලය තුළ දීය මෙම පිපිරීම සිදුවූයේ.

නගරාධිපති වසිප් සහින් පැවසුවේ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු මියගියවුන් අතර සිටින බවයි.

බස් රථය තුල වූ බෝම්බය දුරස්ථ පාලකයක ආධාරයෙන් පුපුරුවා හැර ඇති බවටයි සැලකෙන්නේ.

තවමත් කිසිවෙකු විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැති අතර ඉස්තාම්බුල් හි සිටින බීබීසී වාර්තාකරු පැවසුවේ කුර්දිෂ් සන්නද්ධ කණ්ඩායමක් වන PKK සංවිධානය විසින් මෙය සිදුකළ බවට සැක පහළ වී ඇති බවයි.

පෙබරවාරි සහ මාර්තු මාසය තුළ ඇන්කාරා අගනගරය තුල කුර්දිෂ් සන්නද්ධ කරුවන් විසින් වරින් වර පුපුරුවා හළ මෝටර් රථ බෝම්බ හේතුවෙන් සෑම පිපිරීමකදීම තිහකට වැඩි පිරිසක් මරුමුවට පත්විය.