හිලරි ක්ලින්ටන් ඓතිහාසික ගමනක

Image copyright EPA
Image caption මේ දක්වා ප්‍රධාන පක්‍ෂ දෙක වන රිපබ්ලිකන් සහ ඩිමොක්ක්‍රටික් පක්ෂවලින් ජනාධිපති අපේක්ෂක පදවිය සඳහා කාන්තාවක් තෝරාගෙන තිබුණේ නැත.

ඇමරිකාවේ ජනාධිපති පදවිය සඳහා තරඟ වදින පළමු කාන්තාව වීමේ ඓතිහාසික අවස්තාව හිලරි ක්ලින්ටන් උදාකරගත් බව 'ඇසෝසියේටඩ් ප්‍රෙස්'(AP) පුවත්සේවය පවසයි.

මේ දක්වා ප්‍රධාන පක්‍ෂ දෙක වන රිපබ්ලිකන් සහ ඩිමොක්ක්‍රටික් පක්ෂවලින් ජනාධිපති අපේක්ෂක පදවිය සඳහා කාන්තාවක් තෝරාගෙන තිබුණේ නැත.

ඩිමොක්ක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස නාමයෝජනා ලබා ගැනීමට අවශ්‍ය විශේෂ නියෝජිතයන් (delegates) සංඛ්‍යාව දිනා ගැනීමට හිලරි ක්ලිටන් සමත් වූ බවයි 'ඇසෝසියේටඩ් ප්‍රෙස්' ආයතනයේ ගණනයන් ගෙන් හෙළිවී ඇත්තේ.

තමන් කැමති අපේක්ෂකයෙකුට සහය පළ කිරීමට බලය ඇති 'අති විශේෂ නියෝජිතයන්' (superdelegates) ගේ සහයද ඇයට හිමිවනු ඇති බවටයි විශ්වාසය පළකෙරෙන්නේ.

අඟහරුවාදා කැලිෆෝනියාව ඇතුළු ප්‍රාන්ත හයක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබියදීය හිලරි ක්ලින්ටන් පිලිබඳ මේ පුවත වාර්තා වූයේ.

හිලරි ක්ලින්ටන් පැවසුවේ මෙය ඓතිහාසික මොහොතක් වුවද තවත් සුළු දුරක් යාමට ඇති බවයි.

ලබන මාසයේ පක්ෂ සමුළුව පැවැත්වීමට පෙර අති විශේෂ නියෝජිතයන් ගණන් කිරීම නොකළ යුත්තක් බවයි ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්