මොහොමඩ් අලි: දිවි මග සලකුණු

බොක්සිං ශූරයෙකු ලෙස ලෝකය පුරා අපරිමිත සම්මානයට පත්‍ර වූ මොහොමඩ් අලි තම ජීවිත ගමන නිමා කරන විට 74 හැවිරිදි විය.

Muhammad Ali's life in pictures

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

1942 ජනවාරි දාහත් වෙනිදා කැෂියස් මාසලස් ක්ලේ නමින් ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් හි උපත ලද මොහොමඩ් අලි ඔහුට වයස දොළහක් සපිරෙද්දී බොක්සින් ක්‍රීඩාවට පිවිසෙයි. 1960 රෝමයේ පැවති ඔලිම්පික් තරගාවලියට සහභාගී වන මොහොමඩ් අලි සැහැල්ලු බර ශ්‍රේණිය යටතේ පැවති බොක්සින් ශූරතාවේ රන් පදක්කම දිනා ගනිමින් ප්‍රථම වරට බොක්සින් ලෝකයේ සිය නම රන් අකුරින් සටහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඔලිම්පික් රන් පදක්කම් ලාභී දහ අට හැවිරිදි මොහොමඩ් අලි ඇමරිකාවෙන් පිට ජාත්‍යන්තර බොක්සින් තරඟයකට සහභාගී වීමට පෙර දහ අට වරක් බොක්සින් ශූරතා රන් පදක්කම් වලට හිමිකම් කීමට සමත් විය. පළමු වරට ලන්ඩන් නුවර තරඟයකට සහභාගී වූ මොහොමඩ් අලි එවකට එංගලන්ත බොක්සින් තරුවක් වූ හෙන්රි කූපර් සමග වළල්ල තුළට පිවිසියේ 1963 දීයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

හෙන්රි කූපර් සහ මොහොමඩ් අලි අතර තරඟය නැරඹීමට ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාංගණයට පනස්පන් දහසකට අධික ක්‍රීඩා ලෝලීන් රැස් විය. පස් වන වටයේදී කූපර් පරදිමින් ජය ලැබීමට අලි සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

එක් වටයක දී කූපර් ගේ පහරකින් බිම පතිත වූ අලි නැගී සිටිමින් ඊළඟ වටයේ දී එල්ල කළ ප්‍රහාරයකින් කූපර් ගේ වම් ඇසට ඉහලින් පැල්මක් ද සහිතව විශ්‍රාම ගැන්වීමට අලි සමත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

1963 දී බ්‍රිතාන්‍යයේ බොක්සිං ශුරයා වූ හෙන්රි කූපර් බිම දැමූ අලි 1964 දී රෝම ඔලිම්පික් ජයග්‍රහණයත් සමග වෘත්තීය ක්‍රීඩකයෙකු බවට පත්විය. අලිගේ නිදහස් සටන් ඉරියව් නරඹන්නන් කුල්මත් කිරීමට සමත් වූ බවයි අදත් අලි සහ කූපර් අතර තරඟය නරම්බුවන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

"මේ ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා" ලෙස ඔටුනු පැළඳ මොහොමඩ් අලි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස ක්‍රීඩාව තුළ වර්ගවාදය සහ ජාතිකත්වය ඉස්මතුවීම වැළැක්වීම සඳහා සටන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

1960 ඔලිම්පික් තර්නගයේ දී දී අඩු බර බොක්සිං තරඟයෙන් රන්පදක්කම දිනූ මොහොමඩ් අලි වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස 1964 සිට 1967 දක්වාද , 1974 සිට 1978 දක්වාද 1978 සිට 1979 දක්වාද ලෝක ශුරයාව සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

වෘත්තීයමය තරඟ 61 කට සහභාගී වූ මොහොමඩ් අලි බිම දැමීම් 37 ක් සහ තීරණය මගින් ලැබූ ජයග්‍රහණ 19 ක් ද ඇතුළුව තරඟ 56 ක් ජය ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඔහු පරාජය වූ තරඟ පහෙන් හතරක් තීරණය වූ ඒවා වන අතර අනෙක් තරඟය ඔහු විශාම ගැන්වීමට සමත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

කැෂියස් ක්ලේ නමින් ප්‍රසිද්ධව සිටි කාලයේ සිට ඉස්ලාම් දහමට නැඹුරු වූ ඔහු ඇමරිකාවේ සිටින අප්‍රිකානු ඇමරිකානු ජාතිකයන් ගේ ආර්ථික හා සමාජීය තත්වය පිළිබඳව සිටියේ කනස්සල්ලෙන්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආචාර්ය මාටින් ලුතර් කින් ගේ අනුගාමිත්වයෙන් ඉස්ලාම් ජාතිය විසින් කළු ජාතිකයන් සඳහා වෙනම පාලනයක් ඉල්ලා සටන් පැවති සමයේ අලි එතෙක් තමන් භාවිතා කළ කැෂියස් ක්ලේ නම ඉවත ලා මොහොමඩ් අලි නමින් ඉස්ලාම් අගමිකයෙකු බවට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඒ පිළිබඳව ඔහු පැවසුවේ තමන්ගේ 'වහල් නාමය' අත් හැර දැමීමක් ලෙසටයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

"මේ ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා" ලෙස ඔටුනු පැළඳ මොහොමඩ් අලි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස ක්‍රීඩාව තුළ වර්ගවාදය සහ ජාතිකත්වය ඉස්මතුවීම වැළැක්වීම සඳහා සටන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

අවසානයේ 1981 දී ඔහු විශ්‍රාම ගන්නා විට ඔහු එතෙක් ඉදිරිපත් වූ තරඟ 61 කින් 56 ක් ම දිනා ගත් ශ්‍රේෂ්ඨතම බොක්සිං ශුරයා බවට පත් වී සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

1967 දී ඇමරිකාව විසින් ආරම්භ කළ වියට්නාම් යුද්ධයට විරෝධය පළ කළ අතර බොහෝ ඇමරිකානුවන් ගෙන් ඔහුට එරෙහිව විවේචන එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇමරිකානු හමුදාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අලි ගේ බොක්සිං බලපත්‍රය අවලංගු කර ලෝක ශුරතා නාමය ඉවත්කළේය. ඉන්පසු වසර හතරක් යනතුරු ඔහු ක්‍රීඩා තරඟ වලට සහභාගී නොවීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

හමුදාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ දඬුවම් කාලය 1971 දී නිමාවට පත්වූ අතර බොක්සිං ඉතිහාසයේ සලකුණු වූ වඩාත්ම සුවිශේෂී තරඟ තුනක් සඳහා සහභාගී වූයේ ඉන් පසුවයි. ඉන්පසු ඔහුගේ ජනප්‍රියතාවය යළි මතුවී ආවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

බොක්සිං ශූරයෙකු ලෙස ලෝකය පුරා අපරිමිත සම්මානයට පත්‍ර වූ මොහොමඩ් අලි තම ජීවිත ගමන නිමා කරන විට 74 හැවිරිදි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

පාර්කින්සන් රෝගයෙන් පෙළෙමින් සිටි මොහොමඩ් අලි 2012 ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ඔලිම්පික් පහන ද දැල්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් බොක්සිං ශුරයා වන මොහොමඩ් අලි බ්‍රහස්පතින්දා ඇරිසෝනා හි ෆීනික්ස් නගරයේ රෝහලකට ඇතුලත්කළ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.