'වකුගඩු ජාවාරම': ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු දෙදෙනකුගේ සහායකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ Image copyright AFP
Image caption වකුගඩු වෙළඳාමට සිය ආයතනයේ සම්බන්ධයක් නොමැති බව ඇපොලෝ රෝහල පවසයි

නීති විරෝධී වකුගඩු ජාවාරමක් හසුරුවන ලද බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

රාජ්කුමාර් රාවෝ නමැති ඉහත කී සැකකරු කල්කටා නුවරදී අඟහරුවාදා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

දිල්ලි අගනුවර ප්‍රමුඛ පෙළ පෞද්ගලික රෝහල් අතුරින් එකක් වන ඇපලෝ රෝහලේ සිදු වූ වකුගඩු ජාවාරමක් පිළිබඳ කරුණු අනාවරණය කර ගත් බව මීට දින කීපයකට ඉහතදී පොලිසිය සඳහන් කළේය.

වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයන් වෙත ජාවාරම් කල්ලිය විසින් ඩොලර් දහස් ගණනක මුදලක් ලබා දෙන බවත් එසේ වකුගඩු ලබා දෙන පුද්ගලයන් රෝගීන්ගේ ඥාතීන් බව හැඟවෙන ආකාරයට ව්‍යාජ ලිපි ලේඛන සකසන බවත් පැවසේ.

වෙනත් දකුණු ආසියානු රටවලින් වාර්තා වන වකුගඩු ජාවාරම්වලට රාජ්කුමාර් රාවෝ සම්බන්ධ වී ඇති බවට සැකයක් පවතින බවත් පොලිසිය කියා සිටියේය.

වකුගඩු වෙළඳාමට සිය ආයතනයේ සම්බන්ධයක් නොමැති බව ඇපොලෝ රෝහල පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර