හිලරි ක්ලින්ටන් කඩ ඉම පසු කරයි

හිලරි ක්ලින්ටන්
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මී ළඟ ඇමෙරිකානු ජනාධිපතිවරනයේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා ගෙන යන සටනේ තීරණාත්මක කඩ ඉම පසු කළ හිලරි ක්ලින්ටන් ඇය සිය ජයග්‍රහණය එක්සත් ජනපද කාන්තාවන් සහ පරිත්‍යාගශීලී කැපකිරීම් සිදු කරන ජනයාගේ ජයග්‍රහනයක කඩයිමක් හැටියට විග්‍රහ කළාය.
මූලික සුදුසුකම් සම්පූර්ණ කළ හිලරි ක්ලින්ටන් ඉන් පැය කීපයකට පසුව කැලිෆෝනියාවේ මූලික ඡන්ද සටනත් ජය ගත්තාය.
හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික ඡන්ද විමසීම් වලින් ඡන්ද 56% ක් ලැබ සිටින අතර සිය ප්‍රතිවාදී බර්නි සැන්ඩර්ස්ට (Bernie Sanders ) වඩා 13% ක් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.
හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් එකක ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබන පළමු කාන්තාව හැටියට ඉතිහාසයට එක් වන්නීය .
හිලරි ක්ලින්ටන් වෙනුවෙන් ශුභ පතමින් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ ඇය දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ප්‍රබෝධමත් කරන ලද බවයි.
එහෙත් ඩිමොක්‍රටික් පක්ෂයේ ඇයගේ ප්‍රතිවාදී බර්නි සැන්ඩර්ස් තවමත් සිය පසුබෑම පිළිගෙන නැත.