ටෙල් අවීව් නුවර මාරාන්තික වෙඩි තැබීමක්

Yatta

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

බටහිර ඉවුරේ යත්තා ගම්මානය ඊශ්‍රායල හමුදා විසින් වට කරනු ලැබ ඇති බවයි පලස්තීන මාධ්‍ය පවසන්නේ

ටෙල් අවීව් නගරයේ සිදුවූ මාරාන්තික ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව තදින් ක්‍රියාකරන බව ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතනියාහු පවසයි.

පුද්ගලයන් හතර දෙනකුට මරු කැඳවමින් සහ තවත් හය දෙනෙකුට තුවාල සිදුකරමින් නගරයේ ආපනශාලාවකට පලස්තීන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබුණි.

ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන සැකකරුවන් දෙදෙනා බටහිර ඉවුරේ ස්ථානයක දී අත් අඩංගුවට ගෙන තිබුණු අතර එක් අයෙකු වෙඩි වැදී මිය ගොස් තිබුණි.

රාමදාන් කාලය තුළ පලස්තීනුවන් අසූ තුන් දහසකට ඊශ්‍රායලයට ඇතුළුවීමේ බලපත් දීම නවතා තිබේ.

වෙඩි ප්‍රහාරයට සම්බන්ධ තුවක්කු කරුවන් දෙදෙනා පැමිණි බවට සැලකෙන බටහිර ඉවුරේ යත්තා ගම්මානය ඊශ්‍රායල හමුදා විසින් වට කරනු ලැබ ඇති බවයි පලස්තීන මාධ්‍ය පවසන්නේ.

මේ අතර පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ආපන ශාලාවේ සිදුවූ ප්‍රහාරය හඳුන්වා තිබුණේ වීර ක්‍රියාවක් ලෙසටයි.