මේජර් සහ බ්ලෙයාර් ගෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැතිද යන්න පිළිබඳව පැවැත්වෙන ජන මත විචාරණය ජූනි මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
යුරෝපා සංගමයෙන් ඉවත්වන්නේ නම එය බ්‍රිතාන්‍යයේ අනාගතය අනතුරේ හෙලීමක් බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරු දෙදෙනෙක් වන කොන්සර්වටිව් පක්ෂයේ ජෝන් මේජර් සහ කම්කරු පක්ෂයේ ටෝනි බ්ලෙයාර් අනතුරු අඟවති.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම රටේ අස්ථාවර භාවයක් ඇතිවීමට හේතුවක් වන අතර ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙන්වී යාමටත් එය හේතුවනු ඇති බවටයි ශ්‍රීමත් ජෝන් මේජර් සහ ටෝනි බ්ලෙයාර් උතුරු අයර්ලන්තයේ දී දේශන පවත්වමින් පෙන්වා දීමට නියමිතව ඇත්තේ.
උතුරු අයර්ලන්තයේ සාම ක්‍රියාවලියට දැඩි ලෙස මැදිහත් වූ හිටපු අගමැතිවරු දෙදෙනා උතුරු අයර්ලන්තයේ සහ අයර්ලන්ත ජනරජයේ දේශ සීමා අතර සබඳතා ඇතිකිරීම පිණිසත් කටයුතු කළ දෙදෙනෙකි.
අයර්ලන්ත ජනරජය ද යුරෝපා සංගමයේ සාමාජිකයෙකි.
කෙසේවුවද යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය පළකරන උතුරු අයර්ලන්ත ලේකම් තෙරේසා විලියර්ස් පැවසුවේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම බ්‍රිතාන්‍යයේ සාර්ථකත්වයට හේතුවක් වනු ඇති බවයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැතිද යන්න පිළිබඳව පැවැත්වෙන ජන මත විචාරණය ජූනි මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.