ඇමරිකානු ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී වෙඩිතබා මරා දමයි

ඡායාරූප මූලාශ්‍රය, AP
ක්‍රිස්ටිනා ග්‍රිමී ඔර්ලන්දෝ හි රෝහලක් වෙත රැගෙන ගොස් සිටියදීය මරණයට පත්වූයේ
'ද වොයිස්' නමැති ඇමරිකානු රුපවාහිනී වැඩසටහනේදී තරඟ වැදුණු ගායිකා ක්‍රිස්ටිනා ග්‍රිමී සංදර්ශනයක් අවසානයේ ඕලන්දෝ හි දී වෙඩි පහරකට ලක්වූ අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ෆ්ලොරිඩා පොලීසිය පවසයි.
ඇය රසිකයන්ගේ සමරු පොත් වල සටහන් තබමින් සිටිද්දී තුවක්කුකරුවකු විසින් ඇයට වෙඩි තබා ඇත.
ග්‍රිමී ගේ සොහොයුරා විසින් තුවක්කුකරු මෙල්ලකරගත් නමුත් පසුව ඔහු වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවයි වාර්තා වන්නේ.
වයස 22 ක් වන ක්‍රිස්ටිනා ප්‍රදේශයේ රෝහලක දී මිය ගියාය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ඕර්ලන්දෝ පොලීසිය විසින් ට්විටර් පණිවුඩයක් මගින් ක්‍රිස්ටිනා ගේ මරණය සිදුවූ බව සනාථ කොට තිබුණි.
වසර 2014 දී 'ද වොයිස්' වැඩසටහනේ හයවන වැඩසටහන් මාලාවේ තරඟ වට හයකින් තුන්වන වටය දක්වා අවසන් කිරීමට ක්‍රිස්ටිනා සමත්වූවාය.
ක්‍රිස්ටිනා ග්රිමී නව යොවුන් තරුණියක් ලෙස 2011 දී 'ෆයින්ඩ් මී' ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි අතර ඇගේ ගායනා යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රිය වී තිබේ.
ඕලන්දෝ හි ප්ලාසා ලයිව් රඟහළේ දී සිකුරාදා රාත්‍රී 10.45 ට පමණ ඇය වෙඩි පහරට ලක් වූ අතර ප්‍රහාරකයාගේ නම ප්‍රකාශයට පත්වී නොතිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ඇගේ අවසන් ට්විටර් පණිවුඩයේ ඇය ඕලන්දෝ සංදර්ශනයට එන ලෙස සැමට අරාධනා කර තිබුණි.
මේ අතර ඇගේ මරණය නිල වශයෙන් වාර්තා කර තිබූණේ ක්‍රිස්ටිනා ග්‍රිමී ගේ ප්‍රචාරක කළමනාකාරවරයා විසින්.
ප්‍රහාරකයා අත ගිනි අවි දෙකක් තිබී ඇති අතර ග්රිමීගේ සොහොයුරා ක්ෂණිකව ඔහු මෙල්ල කර ගැනීමට සමත්වී ඇත. නමුත් පොරබැදීම මධ්‍යයේ ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානිකරගත් බවයි පොලීසියේ ප්‍රකාශක වන්දා මිග්ලියෝ පවසන්නේ.
ග්රිමීගේ සොහොයුරාගේ වීර ක්‍රියාව නිසා සෙසු පිරිසගේ ජීවිත බේරුණු බවද පොලීසිය පැවසුවේය.

සවන්දෙන්න, 'දම්පැහැ වැස්සේ' නික්ම ගිය ප්‍රින්ස්
‘පර්පල් රේන්’ (Purple Rain) ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගැයූ පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේ දී මියගොස් තිබුණි