IS පාලනයේ පැවති ලිබියාවේ සර්ට් වරාය යළි හමුදාව අතට

a Libyan tank on a grassy hillside, June 10 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලිබියාවේ සාමුහික රජයට සහය පළ කරන හමුදා කණ්ඩායම් විසින් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහි ප්‍රහාර දියත්කරමින් සිටී

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් සන්නද්ධකරුවන් සමග පැවති අති බිහිසුණු සටනකින් පසු සර්ට් නගරයේ වරාය යළි අල්ලා ගැනීමට හැකිවූ බව ලිබියානු හමුදා පවසති.

සිරියාවෙන් සහ ඉරාකයෙන් පිටත ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් අත්පත් කරගෙන සිටි වඩාත් වැදගත් නගරය වන්නේ සර්ට් නගරයයි.

මේ සතිය මුල දී යුද ගුවන් යානා මගින් සර්ට් නගරයේ IS සන්නද්ධකරුවන් රැඳී සිටින ප්‍රහාර එල්ල කළ අතර නාවික හමුදා විසින් වරාය වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි නිලධාරීන් පවසන්නේ.

ප්‍රහාරයන් නොනවත්වා සිදුකෙරෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබන සභාග රජය සමග එක්ව කටයුතු කරන හමුදා විසින් සර්ට් නගරය යළි අත්පත් කරගැනීමේ සටන ආරම්භ කළේ පසුගිය මාසයේ දීය.

හමුදාවේ ප්‍රකාශකයෙක් වන ජෙනරාල් මුහම්මද් අල් ගුස්රි පැවසුවේ ජේෂ්ඨ IS නායකයෙකු දකුණේ පිහිටි කාන්තාර ප්‍රදේශයට පලා ගොස් ඇති නමුත් බොහෝ ඉස්ලාම් රාජ්‍ය සන්නධාකරුවන් තවමත් නගර මධ්‍යයේ සැඟවී සිටින බවයි.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා යොදා ගනිමින් තිබූ ඔවාදිග්වන් සමුළු මධ්‍යස්ථානය මූලික කොට සටන් පැවතියේ එම මධ්‍යස්ථානය දැන් ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන්ගේ නියමු මධ්‍යස්ථානය බවට පත්වී ඇති බැවිණි.

රජයට සහය දෙන හමුදා විසින් එම මධ්‍යස්ථානය ඉලක්කකොට කාල තුවක්කු ප්‍රහාර එල්ල කළේ ගුවන් හමුදා සහායද ලබා ගනිමින් බවයි වාර්තාවන්නේ.