ඇමරිකාවේ ෆ්ලොරිඩා හි රාත්‍රී සමාජ ශාලාවකට ප්‍රහාරයක්

Orlando

ඡායාරූප මූලාශ්‍රය, Orlando Police

ඡායාරූප ශීර්ෂ වැකිය,

පෙරේදා රාත්‍රී ක්‍රිස්ටිනා ග්රිමී නම් ගායිකාවට වෙඩි තබා මරා දැමුවේත් ඕර්ලන්දෝ නගරයේ දීය

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්දෝ නගරයේ දී තුවක්කු කරුවකු විසින් රාත්‍රී සමාජ ශාලාවක සිටි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින බව වාර්තාවේ.

වාර්තා වන ආකාරයට පුද්ගලයන් කිහිපදෙනෙකුම වෙඩි තබා ඇත.

ෆ්ලොරිඩා හි සමලිංගික සමාජ ශාලාවක් වන 'පල්ස් නයිට් ක්ලබ්' හිදී සිදුවී ඇති මෙම ප්‍රහාරය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරී යන වීඩියෝවක දැක්වෙන්නේ තුවාල ලැබූවන්ට එම ස්ථානයේ දීම ප්‍රතිකාර කරන ආකාරයයි.

කෙසේවුවද මෙම සිදුවීම පිළිබඳව නිල වාර්තා තවමත් ලැබී නැත.

ප්‍රාදේශීය රුපවාහිනී ආයතනයක වාර්තා කරුවෙකු වන ස්ටුවර්ට් මුවර් ට්විටර් පණිවුඩයකින් පවසන්නේ පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසකට වෙඩි තබා ඇති බවයි.

ඔහු පවසන ආකාරයට ප්‍රහාරකයා තවමත් සමාජ ශාලාව තුළ ප්‍රාණ ඇපකරුවන් සමග සිටින අතර ඔහු බෝම්බයක් රැගෙන සිටීද යන්න පිළිබඳව සැකයක් පවතී.

සමාජ මාධ්‍ය ජාලාවල ඇති ඡායාරූප වලින් පෙනීයන්නේ අපදා රථ කිහිපයක්ම එම ස්ථානයට පැමිණ ඇති බවයි.

පෙරේදා රාත්‍රී ක්‍රිස්ටිනා ග්රිමී නම් ගායිකාවට වෙඩි තබා මරා දැමුවේත් ඕර්ලන්දෝ නගරයේ දීය