තුවක්කුකරු 'පල්ස්' හි සාමාන්‍ය ගනුදෙනුකරුවෙක්

Orlando

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමලිංගිකයන් සමග දින වෙන්කරගැනීමට ඇති ජංගම දුරකථන 'ඇප්ස්' ඔහු විසින් භාවිතා කරන ලද බවයි තවත් සමහරු පැවසුවේ.

ෆ්ලොරිඩා තුවක්කුකරු ඔමාර් මටීන් මින් ඉහත දී කිහිප වතාවක්ම 'පල්ස්' රාත්‍රී සමාජ ශාලාවට පැමිණ සිටිනු දුටු බව ඇමරිකාවේ මෑත ඉතිහාසයේ වෙඩි තැබීමකින් කළ වඩාත්ම බිහිසුණු සමූහ ඝාතනය සිදුවූ සමාජ ශාලාවේ ගනුදෙනුකරුවෝ පවසති.

සමාජශාලාවට නිතර යන එන පිරිස් පැවසුවේ ඔමාර් ඇතැම්විට බීමත්වකලහකාරී ලෙස හැසිරුණු බවයි.

France

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියගියවුන් සැමරීමට පැරිස් නුවර අයිපල් කුළුන ආලෝකමත් වී තිබුණු අයුරු

සමලිංගිකයන් සමග දින වෙන්කරගැනීමට ඇති ජංගම දුරකථන 'ඇප්ස්' ඔහු විසින් භාවිතා කරන ලද බවයි තවත් සමහරු පැවසුවේ.

australia

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැවැත්වුණු සැමරුමක්

ඔහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට පක්ෂපාතීවන බවට ප්‍රතිඥා දී තිබුණේ යැයිද හෙළිවී ඇති බැවින් ඔමාර් මෙම ඝාතනය කිනම් අරමුණක් මත සිදුකළේද යන්න ගැටලුවක් වී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

London

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ලන්ඩන් නගරයට රැස්වූ දහස් ගණනක් පිරිස් ඝාතනයට ලක්වුවන් සිහිකළහ

මේ අතර ඝාතනයට ලක්වූ 49 දෙනා වෙනුවෙන් සාමකාමී සැමරුම් ඔර්ලන්දෝ නගරයේ මෙන්ම ලොවපුරා බොහෝ නගර වල පැවැත්වුණි