වෙඩි වැදුණු මන්ත්‍රීවරිය දිවියෙන් සමු ගනී

ජෝ කොක්ස්
ඡායාරූප ශීර්ෂ වැකිය,

කම්කරු පක්ෂ මන්ත්‍රීවරියක වන ජෝ කොක්ස්

උතුරු එංගලන්තයේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මන්ත්‍රීවරිය මිය යාමත් සමඟ ජනමතවිචාරණය සඳහා කෙරෙන ප්‍රචාරක කටයුතු නතර කර තිබේ.

කම්කරු පක්ෂ මන්ත්‍රීවරියක වන ජෝ කොක්ස් (Jo Cox) රැස්වීමක් පැවැත්වෙමින් තිබූ පුස්තකාලයකට පිටතින් කෝලාහල කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු මැදට පැමිණි විට ඇයට වෙඩි වැදුණු බවයි සිද්ධිය ඇසින් දුටුවෙකු පවසන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අවට දැඩි ආරක්ෂාව

ඔහු පැවසු ආකාරයට එක් පුද්ගලයකු ගිනි අවියක් දරා සිට ඇති අතර මන්ත්‍රීවරිය ඔහු සමග පොර බදන මොහොතේ ඇයට වෙඩි වැදී තිබේ.

ඉන් පසු එම තුවක්කුව අතැතිව සිටි ප්‍රහාරකයා, බිම පතිත වුනු මන්ත්‍රීවරියට පිහියකින් ඇන තුවාල සිදු කිරීම හේතුවෙන් පදික වේදිකාවේ ඇද වැටී සිටි ඇයගේ සිරුරෙන් රුධිරය ගලා ගිය බවයි වාර්තා වන්නේ.

ජෝ කොක්ස් මන්ත්‍රීවරිය මිය ගියේ රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.

පොලීසිය විසින් පනස් දෙහැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජෝ කොක්ස් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ 2015 දී