ගුජරාට් වාර්ගික කැරලිකරුවන්ට ජීවිතාන්ත සිර දඬුවම්

Image copyright AP
Image caption ගුජරාට් වාර්ගික ගැටුමේ රුදුරු බව

ගුජරාට් ප්‍රාන්තයේ 2002 වසරේ සිදු වූ හින්දු මුස්ලිම් වාර්ගික කැරලි ගැසීම්වලට සම්බන්ධ පුද්ගලයන් එකොළොස් දෙනෙකුට ඉන්දියාවේ අධිකරණයක් විසින් ජීවිතාන්තය තෙක් සිර දඬුවම නියම කරනු ලැබ ඇත.

තවත් විත්තිකරුවන් දොළොස් දෙනෙකුට වසර හත බැගින් දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

සිර දඬුවමට යටත් කරන ලද පුද්ගලයන් අතර පාලක භාරතීය ජනතා පක්ෂය සමඟ කටයුතු කරන දැඩි මතධාරී හින්දු ජාතිකවාදී කණ්ඩායමක නායකයකු ද සිටියි.

හින්දු බැතිමතුන් හැට දෙනෙක් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව අහමදාබාද් නගරයේ නිවාස සංකීර්ණයක සිටි මුස්ලිම් ජාතිකයන් හැටනව දෙනෙක් කපා කොටා සහ පුළුස්සා ඝාතනය කරනු ලැබීමත් සමඟයි 2002 වාර්ගික කැරලි ගැසීම් පැතිර ගියේ.

Image caption ගුජරාට් සන්නද්ධ ප්‍රහාරකයන්

දින හතරක පැවති එම ගැටුම්වලදී දහසකට අධික ජීවිත විනාශයක් වාර්තා විය.