ජාවා දූපතේ ගංවතුරින් 24 ක් මරුට

Indonesia
ඡායාරූප ශීර්ෂ වැකිය,

නිවාස දහස් ගණනක් අනතුරට ලක්වී ඇති අතර ඒවායේ පදිංචිකරුවන් ආරක්ෂා සහිත ස්ථාන කරා රැගෙන ගොස් ඇත

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ගංවතුර සහ මඩ දිය ගලා යාම් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇත.

මධ්‍යම පළාතේ සිදුවූ නාය යාමකින් අතුරුදහන් වූ තවත් 26 දෙනෙකු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින බවයි වාර්තා වන්නේ.

දින ගණනක් පුරා ඉන්දුනීසියාවේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නිවාස දහස් ගණනක් අනතුරට ලක්වී ඇති අතර ඒවායේ පදිංචිකරුවන් ආරක්ෂා සහිත ස්ථාන කරා රැගෙන ගොස් ඇත.