ඇමරිකාවේ මන්ත්‍රීවරුත් කොට්ට පැදුරු ගෙන සභා ගර්භයේ රැය පහන් කරති

ඡායාරූප මූලාශ්‍රය, AP
විරෝධතාවය රාත්‍රිය පුරා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.
ගිනි අවි භාවිතය පිලිබඳ දැඩි නීති රීති පනවන ලෙස ඉල්ලා සිටිමින් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියන් සභා ගර්භයේ බිම වාඩිවී විරෝධය පළ කළහ.
නිදා ගැනීමට ගන්නා 'ස්ලීපින්ග් බෑග්ස්' සහ කොට්ට ආදිය රැගෙනවිත් පැවැත්වූ විරෝධතාවය රාත්‍රිය පුරා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.
රිපබ්ලිකන් පක්ෂ කතානායකවරයා වන පෝල් රයන් සභාවේ කටයුතු සාමාන්‍ය ලෙස ආරම්භ කිරීමට උත්සාහ කළ විට විරුද්ධ පක්ෂ කණ්ඩායම ඝෝෂා කරමින් ඔහුට බාධා කොට ඔහු වළක්වන්නට කටයුතු කළහ.
කතානායකවරයා මෙම බිම ඉඳ ගැනීමේ විරෝධතාවය හෙළා දුටුවේ එය ප්‍රසිද්ධිය සඳහා කරන්නක් බව ප්‍රකාශ කරමින්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය ද සභා ගර්භයේ බිම වාඩිවී විරෝධය පළ කළ අවස්ථා ඇත
49 දෙනෙකුට මරු කැඳවමින් මේ මාසයේ ෆ්ලොරිඩා සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් පසු කොන්ග්‍රස් මණ්ඩලයේ විරුද්ධ පක්ෂ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ ගිනි අවි භාවිතය සඳහා වඩාත් තද නීතිරීති පනවන ලෙසයි.