නයිජීරියාවේ අනාථ කඳවුරක දෙසීයක් කුසගින්නේ මිය යති

විසි දහසකට අධික පිරිසක් මෙම කඳවුරේ නවාතැන් ගෙන සිටිති
ඡායාරූප ශීර්ෂ වැකිය,

විසි දහසකට අධික පිරිසක් මෙම කඳවුරේ නවාතැන් ගෙන සිටිති

නයිජීරියාවේ ඊසාන දිග පිහිටි අනාථ කඳවුරක විනාශකාරී මානුෂීය හදිසි තත්වයක් උදා වී ඇති බව දේශ සීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසයි.

බොකෝ හරාම් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමට බියෙන් පලා ආ විසි දහසකට අධික පිරිසක් මෙම කඳවුරේ නවාතැන් ගෙන සිටිති.

මොවුන් අතර දෙසීයකට ආසන්න පිරිසක් කුස ගින්න හා විජලනය හේතුවෙන් මිය ගොස් ඇත.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දරුවන් ද උග්‍ර මන්දපෝෂණයෙන්

තම ආරක්ෂාව පතා බාමා නගරයේ පිහිටි මෙම කඳවුරේ නවාතැන් ගෙන සිටින පුද්ගලයන් කම්පනයට පත් වී ඇති අතර, දරුවන් ද උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි දේශ සීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසන්නේ.

නයිජීරියානු හමුදා හා බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් අතර පවතින සටන් හේතුවෙන් විසි ලක්ෂයට අධික ජනතාවක් නයිජීරියාවෙන් පලා ගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත.