ඇමරිකානු හමුදාවේ සංක්‍රාන්ති ලිංගික තහනම ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමරිකානු හමුදාවේ සෑම ශාඛාවකම මෙම නව රීති ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ
ඇමරිකානු හමුදාවට බලපෑ සංක්‍රාන්ති ලිංගික තහනම පෙන්ටගනය විසින් ලබන මාසයේ සිට ඉවත්කරණ බව බලධාරීහු පවසති.
ඒ පිළිබඳව පැවති නීති රීති යල් පැන ගිය ඒවා බැවින් ඒවාට අනුව කටයුතු කිරීමෙන් හමුදාවට හානි ගෙන දෙන බවයි ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ප්‍රකාශ කළේ.
මෙම තීරණය සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් පිලිබඳ සටන් කරන ක්‍රියාධරයන්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ ඇමරිකානු හමුදාවේ නව ලේකම්වරයා ලෙස එරික් ෆැනින්ග් පත්වීමෙන් පසුවයි.
ඔහු සමලිංගිකයෙකු ලෙස ඇමරිකාවේ හමුදා ඛණ්ඩයක විවෘත ලෙසම ක්‍රියාකකරන ප්‍රථම සිවිල් වැසියා ලෙසටයි සැලකෙන්නේ.
ඇමරිකානු හමුදාව තුළ කාන්තා සහ පුරුෂ සමලිංගිකයන් සඳහා වූ තහනම ඉවත්කරනු ලැබුවේ 2011 වසරේදීයි.
මෙම නව තීරණය අනුව ඇමරිකානු හමුදාවේ සෑම ශාඛාවකම සංක්‍රාන්ති ලිංගික හමුදා සාමාජිකයන් බඳවා ගැනීම සහ ඔවුන් සඳහා නිවාස සහ නිළ ඇඳුම් ලබා දීම පිණිස නව ප්‍රතිපත්ති සැකසිය යුතුව ඇති බවයි බලධාරීන් උපුටා දක්වන ඇමරිකානු මාධ්‍ය පවසන්නේ.
15,000 ක පමණ සංක්‍රාන්ති ලිංගිකයන් පිරිසක් ඇමරිකානු හමුදාවේ සේවය කරන බවයි සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා සමානාත්මතාවය ලබාගැනීම වෙනුවෙන් සටන් කරන ජාතික ආයතනය අනුමාන කරන්නේ.

ඇමරිකානු හමුදා කඳවුරට එරෙහිව ඔකිනාවාහි උද්ඝෝෂණයක්
ජපානයේ ඔකිනාවා දූපතේ වැසියන් දහස් ගණනක් එහි පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුර ට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වුහ.