සමරිසි දේදුනු ධජය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ

සමලිංගික අයිතිය වෙනුවෙන් ලන්ඩනයේ පැවැත්වෙන 'ලන්ඩන් අභිමානය' පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් වී සිටිති.
වාර්ෂිකව පැවැත්වෙන 'ලන්ඩන් අභිමානය' පාගමන මෙවර පැවැත්වෙන්නේ හතළිස් තුන් වන වරටයි.
එක්සත් ජනපදයේ ඕලන්ඩෝ නගරයේ සමරිසි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ පිරිස සිහි කිරීම සඳහා පා ගමන්කරුවෝ වසින් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිතයි.
පා ගමනට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.
පළමු වරට, රාජකීය ගුවන් හමුදාවේ 'Red Arrows' සංදර්ශන ගුවන් යානා පෙළ පා ගමනට ඉහළින් පියාසර කිරීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ සමරිසි දේදුනු ධජයක් ලෙළ දෙනු පෙනේ.
ඡායාරූප මූලාශ්‍රය, @MetLGBTNetwork
මෙවර පා ගමනට එක් වූ ලන්ඩන් නාගරික පොලිසිය
ඡායාරූප මූලාශ්‍රය, UK Parliament/JESSICA TAYLOR
සමරිසි දේදුනු ධජ ලන්ඩනය පුරා
ඉතිහාසය අළුතින් ලියන විලියම් කුමරු
විලියම් කුමරු පවසන්නේ සමලිංගික පුරුෂයන් ,කාන්තාවන් සහ ද්විලිංගික සහ ලිංගිකත්වය අතින් සංක්රමනීය අවස්ථාවක සිටින්නන් ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් සම්බන්ධයෙන් සාඩම්බර විය යුතු බවයි.