කොලොම්බියානු හමුදා හෙලිකොප්ටරයක් අතුරුදහන්

Image copyright BBC World Service
Image caption පසුගිය අප්‍රේල් මාසයේ දී රුසියානු හෙලිකොප්ටර යානයක් ද මෙලෙස අණතුරට පත්විය

තම හමුදාවට අයත් හෙලිකොප්ටර යානයක් සමග පැවති සන්න්නිවේදන සබඳතා බිඳී ගොස් ඇති බැවින් එය කඩා වැටී ඇත්දැයි කොලොම්බියානු හමුදාව බිය පළ කරයි.

හමුදා සෙබළුන් දහසය දෙනෙකු අතුරුදහන් වූ හෙලිකොප්ටර යානය තුළ සිටි බවයි වාර්තා වන්නේ.

මධ්‍යම කොලොම්බියාවේ ටොලිමා පළාතේ සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතී.

පැසිෆික් සාගරයට නුදුරින් එරට බටහිර ප්‍රදේශයේ මෙහෙයුමකට ගොස් තිබූ හෙලිකොප්ටර යානය ආපසු එමින් සිටියදී යානය සමග පැවති සන්නිවේදන සබඳතාව බිඳී ගොස් තිබේ.

බීබීසී යෙන්