චීන‘තහනම් නුවරට’ අලුත් එළියක්

තහනම් නුවර දොරටුවක්
චීනයේ පෞරාණික අධිරාජ මාළිගය පිහිටි 'තහනම් නුවර'(Forbidden City) අවට අලුතින් ඉදි කරනු ලැබ ඇති නවීන ගොඩනැගිලි කඩා බිඳ දැමීමට තීන්දු කර ඇත.
පෞරාණික මාළිගය වඩාත් දර්ශනීය ආකාරයට දෘශ්‍යමාන වැනි පිණිසයි එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ.
පෞරාණික අධිරාජ මාළිගය වට කොට තාවකාලික සහ අනවසරයෙන් ඉදි කරනු ලැබ ඇති ගොඩනැගිලි වලට කොටු වූ තත්වයකයි දැන් එය පවතින්නේ.

තහනම් නුවර දසුනක්
නව සැලසුම් අනුව පහළොස් දහසක් පමණ වන කාර්ය මණ්ඩලයක් ඔවුන්ගේ වෘත්තීන්හි නිරත වෙමින් ඇති කාර්යාල ගොඩනැගිලි රාශියක් පෞරාණික අධිරාජ මාළිගයේ පවුරු වලින් එපිට ස්ථාන වලට ගෙන යනු ඇත.
චීනයේ 'තහනම් නුවර'(Forbidden City) අධිරාජ මාළිගය ඉදි කරන ලද්දේ 15 වැනි සියවසේදීය.
එය පිහිටි භූමියට 'තහනම් නගරය' යන නම යෙදුනේ එය සාමාන්‍ය ජනතාවට තහනම් භූමියක් වූ හෙයිනි.

තහනම් නුවර සිරි නැරඹීමට
එහෙත් චීනයේ දේශපාලන ක්‍රමයේ සිදු වූ වෙනස් වීම් වලින් අනතුරුව එය දැන් සාමාන්‍ය ජනයාට විවෘත ස්ථානයකි.