සිංගප්පූරු ගුවන් යානයක ගින්නක්
සිංගප්පූරු ගුවන් යානයක ගින්නක්
හදිසි ගොඩ බෑමක් අතරතුර සිංගප්පූරු ගුවන් සේවයට අයත් මගී යානයක ගින්නක් හට ගෙන තිබේ.
අනතුරට පත් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා සහිතව ඉන් ඉවත් කළ බවයි බලධාරීන් පවසන්නේ.
ඉතාලියේ මිලානෝ නුවර බලා ගමන් අරඹා මද වෙලාවකින් යානයේ ඉන්ධන ටැංකියේ හට ගත් කාන්දුවක් හේතුවෙන් යානය නැවත හරවා පැමිණි බව එහි සිටි මගියෙක් කියා සිටියේය.
චැන්ගි ගුවන් තොටුපලට යානය ගොඩ බස්සනවාත් සමග එහි දකුණු පස එන්ජිමේ ගින්නක් හට ගෙන තිබේ.
ඉන් සුළු වෙලාවකට පසු එම ස්ථානයට පැමිණි හදිසි සේවා භටයෝ ගින්න නිවා දැමූහ.
අනතුරට පත් යානයේ සිටි ලී බී යී නමැති මගියකු විසින් ඉහත කී දර්ශන පටිගත කරනු ලැබ තිබේ.
වීඩියෝ, ලොව විශාලතම ගුවන් යානය දැක බලා ගැනීමට දහස් ගණනක්, ධාවන කාලය 0,40
ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපලට ළඟා වූ ලොව විශාලතම ගුවන් යානය දැක බලා ගැනීමට ගුවන් යානා පිළිබඳ උනන්දුවක් දක්වන්නන් දහස් ගණනක් රැස් වෙති.