'අසභ්‍ය වචන' භාවිතය නිසා 50 Cent දඬුවම් ලබයි

කර්ටින් ජැක්සන් හෙවත් 'ෆිෆ්ටි සෙන්ට්' Image copyright Getty Images
Image caption කර්ටින් ජැක්සන් හෙවත් 'ෆිෆ්ටි සෙන්ට්'

කැරිබියන් දූපතක පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර 'අසභ්‍ය වචන' භාවිත කළ ඇමරිකානු රැප් ගායක 'ෆිෆ්ටි සෙන්ට්' (50 Cent) අත්අඩංගුවේ පසු වී ඇති බව වාර්තා වේ.

කර්ටින් ජැක්සන් හෙවත් 'ෆිෆ්ටි සෙන්ට්' සමග ඔහුගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයකුද රැඳවුම් භාරයේ පසු වී තිබේ.

ගීතයක් ගායනා කරන අතරතුරයි, ඔහු ඉහත කී අසභ්‍ය වචනය භාවිත කර තිබෙන්නේ.

ඔහු ඉරිදා ශාන්ත කිට්ස් දූපතෙන් පිටව යාමට නියමිතව සිටි නමුත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් සඳුදා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඔහුට ඩොලර් විසි දහසකට අධික දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබේ.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ශාන්ත කිට්ස් දූපතේ පොදු ස්ථාන තුළ අසභ්‍ය වචන භාවිතය දඬුවම් ලැබිය හැකි වරදකි.