ඉස්තාම්බුල් ගුවන් තොටුපළ ප්‍රහාරයෙන් 36 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ප්‍රහාරය පිටුපස ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් සිටින බවටයි සැක කෙරෙන්නේ
තුර්කියේ ඉස්තාම්බුල් හි ප්‍රධාන ගුවන් තොටුපළට එල්ලකළ මාරාන්තික ප්‍රහාරය පිටුපස ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් සිටින බවට විශ්වාස කරන බව තුර්කි බලධාරීහු පවසති.
අඟහරුවාදා අටාටර්ක් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල කළ තුවක්කු සහ බෝම්බ ප්‍රහාර හේතුවෙන් 36 දෙනෙකු මියගොස් 150 කට ආසන්න පිරිසකට තුවාල සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බියට පත් ගුවන් මගීන් ගුවන් තොටුපළ ප්‍රදේශයෙන් ඉවත්ව යන අයුරු
ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් තිදෙනෙකු පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
ස්වයංක්‍රීය රයිෆලයකින් පිටත්වීමේ පර්යන්තයේ සිදුකළ වෙඩි තැබීමෙන් පසු පිටත්වයාමට පැමිණ සිටි මගීන් ආරක්ෂාව සඳහා දිවගොස් තිබේ.
ඉන්පසු ප්‍රහාරකයන් තිදෙනාම පහත මාලයේ පැමිණීමේ පර්යන්තය අසල දී සිරුර තුළ සඟවාගෙන පැමිණි බෝම්බ සියතින්ම පුපුරුවාගත් බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.
මරණ සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවයි තුර්කියෙන් ලැබෙන වාර්තා වලින් කියැවෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ආයුධ සන්නද්ධ පොලීසිය විසින් මිනිසුන් හසුරුවන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පහරදීමට යොදා ගත් රයිෆලය

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගුවන් තොටුපළ ගොඩනැගිල්ලෙන් පිටත ගිලන්රථ පෙළ

ඡායාරූප මූලාශ්‍රය, EPA
තුවාල ලැබූවන් අවට ඇති රෝහල් වලට රැගෙන යන අයුරු