බ්‍රිතාන්‍යය යුරෝපයට පිටුපාන්නේ නැහැ - කැමරන්

සංක්‍රමණිකයන්ගේ ගැටලුව බ්‍රිතාන්‍ය ජනතාවගේ තීරණයට බෙහෙවින් බලපා ඇති බවයි ඔහුපවසන්නේ
බ්‍රිතාන්‍යය යුරෝපයට පිටු නොපෑ යුතු බවත් එසේ නොකරන බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි
යුරෝපා සංගමයේ සෙසු රටවල නායකයන් සමග සාකච්ඡාවකදී ඔහු පැවසුවේ සංක්‍රමණිකයන්ගේ ගැටලුව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ බ්‍රිතාන්‍ය ජනතාවගේ තීරණයට බෙහෙවින් බලපා ඇති බවයි.
මේ අතර වසර හතළිහකට වැඩි කාලයකට පසු පළමු වතාවට යුරෝපා සංගමයේ නායකයන්ගේ හමුවෙන් බ්‍රිතාන්‍යය ඉවත් කොට තිබේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ඇතිවන තත්වය පිළිබඳව මූලික සාකච්චා පැවැත්වීම පිණිස අනෙක් රටවල් විසි හතේ නායකයන් එක් මේසයක් වටා රැස්වන නමුත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් නොපැමිණෙනු ඇත.
හැකි ඉක්මනින් ඉවත්වන ලෙසටයි යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් යන්කර් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා ඇත්තේ.
බ්‍රිතාන්‍යය නව අගමැතිවරයෙකු පත්කරගත් වහාම ඒ සඳහා අවශ්‍ය නීතිමය යාන්ත්‍රනය සැකසිය යුතු බවයි ඔහු පැවසුවේ.