සර්බියාවේ ආපන ශාලාවකත් වෙඩි තැබීමක්

Map showing Zrenjanin in Serbia

උතුරු සර්බියාවේ ආපන ශාලාවක තුවක්කු කරුවකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය වී ඇති අතර විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සර්බියානු පොලිසිය පවසන්නේ තුවක්කු කරු සිය බිරිඳට වෙඩි තබා ඇති අතර පසුව ආපන ශාලාවේ අහාර ගනිමින් සිටි තවත් ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති බවයි.

වෙඩි ප්‍රහාර වලින් තුවාල ලැබුවන් අතර කුඩා දරුවන්ද සිටින බවයි සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ.

තුවක්කු කරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ප්‍රහාරයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන බවයි සර්බියානු බලධාරීන් පවසන්නේ.

සර්බියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ මකිජාතෝ නම් ආපන ශාලාවට පැමිණි ප්‍රහාරකයා පළමුව සිය බිරිඳ තවත් කණ්ඩායමක් සමග ආහාර ගනිමින් සිටිනු දුටු අතර පසුව තුවක්කුවක් රැගෙන විත් වෙඩි තැබීම ආරම්භ කළ බවයි.