මියන්මාරයේ මුස්ලිම් විරෝධී රැල්ල යළි හිස ඔසවයි

මියන්මාරයේ මුස්ලිම් විරෝධී රැල්ල යළි හිස ඔසවයි

ඡායාරූප මූලාශ්‍රය, issuu.com

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රහාරකයන් විසින් පල්ලිය ගිනි බත් කොට බිමට සමතලා කොට ඇති බවයි වාර්තා වන්නේ

පිහි, පොලු මුගුරු සහ වෙනත් අවිවලින් සන්නද්ධව පැමිණි කලහකාරී පිරිසක් විසින් උතුරු දිග මියන්මාරයේ මුස්ලිම් පල්ලියක් සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත.

ප්‍රහාරකයන් විසින් පල්ලිය ගිනි බත් කොට බිමට සමතලා කර ඇති බවයි වාර්තා වන්නේ.

කචින් ප්‍රාන්තයේ පිහිටි ඉහත කී පල්ලියට එල්ල වූ ප්‍රහාරයට සමාන ප්‍රහාරයකට මධ්‍යම මියන්මාරයේ පිහිටි තවත් පල්ලියක් පසුගිය සතියේදී ගොදුරු විය.

මියන්මාරය තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය සහ වෙනත් ආගම් සහ ඇදහිලි නොඉවසීමේ තත්වය එහි සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජිතයාගේ අවධානයට ලක් වී තිබේ.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ගී ලී, අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුත් මියන්මාර් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මුස්ලිම් ප්‍රජාවන් ඉලක්ක කොට සිදු කෙරෙන ආයතන ගත නොසලකා හැරීම් අවසානයක් කරා ගෙන ඒමට මූලිකත්වය ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.