බැග්ඩෑඩ් බෝම්බ පිපිරීම්: 119 ක් මරුට, 150 කට තුවාල

People gather at the site of a suicide car bomb in the Karrada shopping area, in Baghdad, Iraq July 3, 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියගිය පිරිසෙන් වැඩි දෙනෙක් ළමුන් බවයි පැවසෙන්නේ

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් 119 දෙනෙකුවත් මියගොස් තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවූ කරඩා දිස්ත්‍රික්කයේ ආපනශාලාවක් අසළ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බය පුපුරවා හැරියේ තමන් බව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබේ.

Iraqi fire fighters and civilians gather at the site of a car bomb at a commercial area in the Karada neighbourhood of Baghdad (03 July 2016)

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

පිපිරීමෙන් පසු පැය ගණනක් යනතුරු ගින්නක් පැවති බවයි වාර්තා වන්නේ

පළමු බෝම්බයෙන් පසුව පුද්ගලයින් හතර දෙනෙකුට මරු කැඳවමින් බැග්ඩෑඩ් නගරයේ උතුරු ප්‍රදේශයේ දී බෝම්බයක් පුපුරා ගියේය.

ඉරාක හමුදාව විසින් ෆලුජා නගරය අත්පත්කර ගැනීමෙන් සතියකට පසු සිදුවූ කරඩා හි බෝම්බ පිපිරීම මෙම වසරේ ඉරාකයේ සිදුවූ වඩාත් දරුණුතම ප්‍රහාර ලෙසටයි සැලකෙන්නේ.

People gather at the site of a suicide car bomb in the Karrada shopping area, in Baghdad, Iraq July 3, 2016.

ඡායාරූප මූලාශ්‍රය, Reuters