මුස්ලිම් පල්ලියක් බැතිමතුන්ද සමග ගංවතුරේ ගසාගෙන යයි

Image caption 2013 වසරේ උතුරු ඉන්දියාවේ පැවති ගංවතුරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් මරුමුවට පත්විය

උතුරු ඉන්දියාවේ සහ උතුරු පකිස්තානයේ පවතින ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගල මරණ රැසක් සිදුවී තිබේ.

පකිස්තාන ජාතික ආපදා කළමනාකරණ ආයතනය පැවසුවේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලියක් එහි තුළ සිටි බැතිමතුන්ද සමග ජල පහරේ ගසා ගෙන ගිය බවයි.

ආරක්ෂක හමුදා භටයන් අට දෙනෙකුද අතුරුදහන් වී ඇත්තේ ඔවුන්ගේ මුරකුටිය ජලයේ ගිලී යාම හේතුවෙන්.

අවම වශයෙන් පුද්ගලයන් තිස් දෙනෙකුවත් මේ සිදුවීම් හේතුවෙන් මරණයට පත්වී ඇත.

මේ අතර උතුරු ඉන්දියාවේ උත්තරඛාන්ඩ් සහ අරුන්චාල් ප්‍රදේශ් යන පළාත්වල පවතින අධික වර්ෂාව, නාය යාම් සහ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් විසි පස් දෙනෙකු මරුමුවට පත්වී ඇති අතර තවත් පිරිසක් තවමත් ආගිය අතක් නැත.

ගම්මාන කිහිපයක් නායයාම් වලින් මුළුමනින්ම වැළලී ගොස් ඇති අතර ප්‍රධාන අධිවේගී මාර්ගයේ කොටසක් වැසී ගොස් තිබේ.

තවමත් පවතින වර්ෂාව හේතුවෙන් සහන සේවා වලට බාධා ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්