කැනඩා අගමැතිවරයාත් සමරිසි පා ගමනේ
කැනඩා අගමැතිවරයාත් සමරිසි පා ගමනේ
ටොරොන්ටෝ අගනුවර පැවති වාර්ෂික සමරිසි පා ගමනට එක් වූ පළමු කැනඩා අගමැතිවරයා ලෙස ජස්ටින් ට්රූඩෝ ඉතිහාසයට එක් වෙයි.
අගමැතිවරයකු සමරිසි පා ගමනකට සහභාගි වීම 'මහා ප්‍රවෘත්තියක්' විය යුතු නැති බව ඊට එක් වෙමින් අගමැති ජස්ටින් ට්රූඩෝ පැවසීය.
තමා අගමැති ධුරයට පත් වීමට පෙරත් වසර ගණනාවක සිට ටොරොන්ටෝ සමරිසි පා ගමනට සහභාගි වූ බවයි හතළිස් තුන් හැවිරිදි අගමැතිවරයා සඳහන් කළේ.

සමරිසි දේදුනු ධජය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ
සමලිංගික අයිතිය වෙනුවෙන් ලන්ඩනයේ පැවැත්වෙන 'ලන්ඩන් අභිමානය' පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් වී සිටිති.