පැරිස් ප්‍රහාරය: ප්‍රංශ රහස් ඔත්තුසේවාව පිරික්සුමට ලක්කෙරෙයි

Rescue workers help a woman after a shooting, outside the Bataclan theater in Paris Image copyright AP
Image caption පසුගිය දෙසැම්බර් මස පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 130 දෙනෙකු මරුමුවට පත්විය.

2015 වසරේ සිදුවුණු ප්‍රංශ ප්‍රහාරයේ අත්දැකීම ප්‍රයෝජනයට ගෙන ප්‍රංශ රහස් ඔත්තු සේවාව යළි පිරික්සුමට ලක් කළ යුතු බව එරට පාර්ලිමේන්තු කොමිසමක් මගින් අනුමත කොට තිබේ.

සේවාවන් කිහිපයක් ලෙස බෙදී පවතින රහස් ඔත්තු සේවාව එක් ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු බවටයි කොමිසම යෝජනා කර ඇත්තේ.

කොමිසමේ සභාපති ජෝර්ජස් ෆිනෙච් යෝජනා කරන්නේ ඇමරිකාවේ ජාතික ත්‍රස්ත මර්ධන ඒකකය වැනි ආයතනයක් පිහිටුවියයුතු බවයි.

2015 නොවැම්බර් මාසයේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුදගලයන් 130 දෙනෙකු මරණයට පත් වීමත් සමග ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතික්‍රියාව පිළිබඳව විවේචන එල්ල විය.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනය හමුවේ රහස් ඔත්තු සේවා පිළිබඳව වඩාත් අවධානය යොමු කොට ක්‍රියා කළ යුතු බවයි කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

මීට අමතරව ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම මගින් ආරක්ෂාව පිලිබඳ කෙරෙන බලපෑම සීමා සහිත බවයි කොමිසම මගින් හඳුනාගෙන ඇත්තේ.

ප්‍රංශයේ පාසල්, වෙළඳපළවල් සහ අනෙකුත් වැදගත් ස්තාන ආරක්ෂා කිරීම වෙනුවෙන් අමතර මෙහෙයුම් සඳහා 6000 සිට 7000 දක්වා හමුදා සෙබළුන් කණ්ඩායමක් යෙදවීමට සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

බීබීසී යෙන්